IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලයි

 

ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය සාර්ථකව අත්හදා බලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව යනු ලොව සිටින න්‍යෂ්ටික බලවතුන් කිහිපදෙනාගෙන් කෙනකු වන අතර ඉන්දියාව තවත් බලවතකු බවට පත්වෙමින් අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලා ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.

අධිවේගී මිසයිල තාක්ෂණයේ ඇති තර්ජනය තේරුම් ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙම අධිවේගී මිසයිල තාක්ෂණයට ප්‍රති පියවරක් ලෙස අභ්‍යවකාශ ස්ථර සංවේදී තාක්ෂණයක් හඳුන්වා දුන්නේ ය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසයිල ආරක්ෂණ ආයතනය පසුගිය වසරේ දී අධිවේගී මිසයිල හඳුනාගත හැකි අභ්‍යවකාශ ස්ථර සංවේදී තාක්ෂණයේ දෙවැනි අදියරට පිවිසියේ ය.

ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලා ඇත්තේ එවැනි මොහොතක ය. වසර ගණනාවක පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලින් පසුව ඉන්දියාව මෙලෙස සාර්ථකව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලා ඇත.

මේ සඳහා භාවිත කරන ලද සියලු තාක්ෂණික ක්‍රමවේද දේශීය නිෂ්පාදනය කරන ලද ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් අධිවේගී මිසයිල තාක්ෂණය ඇති රටවල් යැයි පැවැසුණේ ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය පමණි.ඉන්දියාව අද, එනම් සඳුඳා අධිවේගී මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් තවත් අත්හදා බැලීමක් කරනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තාවල දැක්විණි.

හිමාල කඳුවැටිය ආශ්‍රිතව ඉන්දියාව සහ චීනය අතර අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වයක් පවතින මොහොතක මෙම අත්හදා බැලීම තවත් සුවිශේෂී කරුණක් යැයි ද එම වාර්තාවල දැක්විණි.

නව තාක්ෂණය සාර්ථකව අත්හදා බැලූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ද ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි.සියලු සාර්ථකත්වය සමඟ මෙම නව හා වැදගත් තාක්ෂණය ඊළඟ අදියර සහ ප්‍රගතිය දක්වා ගමන් කරන බව රාජ්නාත් සිං නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

055 



අදහස් (3)

ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 February 2021 03:33 PM

බුදුවරුන් පහලවෙන දේශයේ පාලකයන් යුද්ධ අංශයෙන් බලවතුන් වීම කොතරම් දුරට සාධාරණ දැයි කියන්නට බැහැ. උත්තර භාරතීය සංගීතයෙන් හා හින්දි සිනමාවෙන්ද, ලෝකය ජයගත් ඉන්දියාව න්‍යෂ්ඨික ලෝකයක් කරා පියමං කිරීමත්, ගැටළුකාරී දෙයක් වේවි නේද? ප්‍රථමයෙන්ම ඉන්දියාවේ කන්න නැති හිඟන්නන් හා අන්ත අසරණ දුප්පතුන් වෙනුවෙන් මේ වියදම් වෙන ධන සම්භාරය යොදවා ඔවුන් සුවපත් කිරීම නේද කළයුතු වන්නේ..?

:       1       7

පිටිගල මිලානෝ Tuesday, 16 February 2021 03:56 AM

ඇයි අපිට ආයිත් පරිප්පු ප්‍රවාහනය කරන්නද?

:       2       3

Nandalal DE SILVA - FranceTuesday, 16 February 2021 08:21 AM

නැහැ අනේ... නැගෙනහිර ජැටියට බාලා බලන්න වෙන්න ඇති...!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site