සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් මහතාට සහ ඔහුගේ බිරිඳ අස්මා මහත්මියට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.
දෙදෙනාම සුළු රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසු පරීක්ෂා කළ බවත් එහිදී ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වූ බවත් වෛද්‍යවරු පවසති.
ජනාධිපතිවරයා සහ බිරිඳ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන් සිය නිවසේ හුදකලාව සිටිමින් රාජකාරි කටයුතු වල නිරත වන බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබේ. අස්මා මහත්මිය, 2019 වසරේදී ඇතිවූ පියයුරු පිළිකාවකින් සම්පූර්ණ ලෙස සුවය ලබා සිටින බවද පැවසේ.
පෙබරවාරි මස මැද සිට සිරියාවේ වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහල ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට සිරියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 15,981ක් වන අතර මරණ 1,063ක් සිදුවී තිබේ.
කොරෝනා රෝගීන් 10,374ක් සුවය ලබා ඇත.
සිරියාවේ දශකයක පමණ කාළයක් තිස්සේ පැවති යුද්ධයෙන් සිය දහස් ගනනක් ජනතාව මියගිය අතර මිලියන ගනනාවක ජනතාවට උන්හිටිතැන් අහිමි විය. කෙසේවුවද රුසියාවේ සහ ඉරානයේ ආධාරයෙන් රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි)
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සිරියාවේ ජනපතිට, බිරිඳට කොරෝනා