සීක් නායකයා ඝාතනය කළ 3 ක් අත්අඩංගුවේ කැනඩාවේ සීක් බෙදුම්වාදී නායක 45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් ඝාතන සිද්ධියට අදාලව ඉන්දීය ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැනඩාව පවසයි. 04 May 2024
සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක් රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත. 04 May 2024
එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි: එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි ඇදහැලීමට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. මහ වැසි හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත. රජයේ සහ පෞද්ගිලක අංශයේ කාර්යාල වසා දමා ඇත්තේ නිවසේවල සිට රාජකාරි කිරීමට අවසර දෙමිනි. 03 May 2024
යුක්රේනයට AI ප්රකාශිකාවක් යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්රකාශිකාවක් නිර්මාණය කර ඇත. 02 May 2024
චාලට් කුමරියට දැන් අවුරුදු 9 ක් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ එකම දියණිය චාලට් එලිසබත් ඩයනා පුංචි කුමරිය අද නව වැනි උපන් දිනය සමරයි. 02 May 2024
ඊශ්‍රායලය සමඟ ඇයිහොඳයිකම් අවසන් ගාසා තීරයේ පලස්තීනුවන්ට එරහෙිව සිදු කරන අපරාධ සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරන බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ පවසයි. 02 May 2024
හයිටියට රාජ්‍යයට නව අගමැතිවරයෙක් ප්රචණ්ඩ ක්‍රියා පිරුණු අවනීතිය රජකරන හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්රිට්ස් බෙලිසාරී පත් කර ගැනීමට එරට අන්තර්වාර පාලක මණ්ඩලය කටයුතු කළේය. 02 May 2024
කැලිෆෝනියා විශ්ව විද්‍යාල සිසුන්ටත් පොලිසියෙන් ප්‍රහාර ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විරෝධතා පවත්වමින් සිටි විශ්ව විද්‍යාල සිසුන්ට ද පොලිස් ප්‍රහාරයක් එල්ල විය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ විරෝධතා පැවැත්වෙන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, එම ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමිණි. 02 May 2024
චීන අධිවේගයක් නායයයි: 56 ක් පණ පිටින් වැලළෙති දකුණුදිග චීනයේ කදුකරයේ අධිවේගී මාර්ගයක් හිටිහැටියේ නායයෑමකට හසුවිය. අධිවේගී මාර්ගයේ මීටර් 18 ක කොටසක් නාය ගියේ, අධිවේගයේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ 20 ක් ද සමඟය. 02 May 2024
ට්‍රම්ප් දඩ කයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය. 01 May 2024
ඇෆ්ගන් මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක් බටහිර ඇෆ්ගනිස්තානයේ හේරත් නුවර මුස්ලිම් පල්ලියකට තුවක්කුකරුවෝ පිරිසක් කඩා වැදුණාහ. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් පල්ලියේ සිටි මුස්ලිම් බැතිමතුන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලැබූහ. 01 May 2024
ඉන්දුනීසියා ගිනි කන්ද පුපුරයි ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද පුපුරා යෑමටත් දුම් වලා පිට කිරීමටත් පටන් ගත්තේය. ගිනි කන්දෙන් නැගුණු දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කෙරුණු බව ද වාර්තා වේ. 01 May 2024
කොලොම්බියා විශ්ව විද්‍යාලයට පොලිසිය කඩාවදී ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට එරෙහිව විරෝධතා පැවැත්වෙන නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඊයේ (30) පොලිසිය කඩා වැදුණි. 01 May 2024
ගාසා සමූහ මිනීවල ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ ගාසා තීරයේ කාන් යූනිස් නගරයේ රෝහලක් අසලින් හමුවුණු සමූහ මිනීවල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසයි. 01 May 2024
ස්පාඤ්ඤයේ වොට්ස්ඇප් වංචාවක් ‘වොට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ 100 කට වැඩි අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්, එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ. 01 May 2024
මුහුදේ අබිරහස් සිදුරක් සාගර පතුළේ අබිරහස් ගැඹුරු සිදුරක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. පරක් තෙරක් නැතැයි පැවැසෙන මෙම සිදුර ඇත්තේ මෙක්සිකෝවේ චෙටුමාල් බොක්කේය. 01 May 2024
ලන්ඩන් වැසියන්ට කඩු ප්‍රහාරයක් කඩුවකින් කළ පහරදීම් හේතුවෙන් නැගෙනහිර ලන්ඩන් නුවර හදිසි තත්ත්වයක් හටගත්තේය. පොලිසිය පැවැසුවේ කඩු ප්‍රහාරයෙන් කීප දෙනකු තුවාල ලැබූ බවය. පොලිස් නිලධාරීන් තිදෙනකු ද ඒ අතර සිටින බව පැවැසෙයි. 01 May 2024
කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය. 30 April 2024
නෙදන්යාහුට එරෙහි වරෙන්තු ? හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට යුද අපරාධ චෝදනා එල්ල කරමින්, ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් වන බව ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 29 April 2024
ධුරයෙන් යන්නේ නෑ - ස්පාඤ්ඤ අගමැති බිරිඳට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා මුල්කොට ගනිමින්, තමන් ධුරයෙන් ඉවත් නොවන බව, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්වේස් පවසයි. 29 April 2024
ඇමෙරිකාවට ඩෝනාඩෝ සුළි කුණාටුවලින් දැඩි හානි ඇමෙරිකාවේ නගර රැසකට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මාස 4 ක් වයසැති කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනකු අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය බවය. 29 April 2024
ඉලොන් මක්ස් චීනයට බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය. ලොව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගමය. 29 April 2024
ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණයි රෆා නගරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණක් බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන මොහොමඩ් අබ්බාස් පවසයි. 29 April 2024
යුක්රේන හමුදා පසුබසිති රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා පසුබෑමට ලක් වී සිටින බව යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී පවසයි. යුක්රේන හමුදා ප්‍රධානියා මෙසේ පැවැසුවේ, රුසියන් සෙබළු යුක්රේන හමුදාවට පහර දී නැගෙනහිර යුක්රේනයේ ගම්මාන තුනක් අත්පත් කරගත් අවස්ථාවේදීය. 29 April 2024
රතු මුහුදේ ඩ්‍රෝන යානා බිම හෙලයි රතු මුහුදේ නෞකාවලට පහර දීමට ආ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 5 ක් පහර දී විනාශ කළ බව ඇමෙරිකාව පවසයි. එම ඩ්‍රෝන යානා, ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්ට අයත් යැයි පැවැසෙයි. 29 April 2024
විශ්ව විද්‍යාල සිසුන් 900 ක් පොලිසියේ ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින්, එම ප්‍රහාර වහා නැවැත්විය යුතු යැයි ඊශ්‍රායල රජයටත්, බයිඩන් පරිපාලනයටත් බල කරමින්, ඇමෙරිකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක විරෝධතා පැවැත්වෙයි. 29 April 2024
නවල්නි ඝාතනය පසුපස පුටින් නෑ - ඇමෙරිකාව සිරදඬුවම් විදිමින් සිටි රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ ඝාතනය සිදුවූයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇතත්, ඇමෙරිකන් බුද්ධි අංශ පවසන්නේ, නවල්නිගේ ඝාතනයට ජනාධිපති පුටින්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය. 29 April 2024
පලස්තීන තුවක්කුකරුවන්ට වෙඩි ඊශ්‍රායල සොල්දාදුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බටහිර ඉවුරේ පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනකුට ඊශ්‍රායල හමුදා පෙරළා වෙඩි තැබුවේය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවක්කුකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 28 April 2024
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹී ගියේය. ඒ සමඟ සුනාමි අනතුරු ඇඟවීමට ද බලධාරීහු පියවර ගත්හ. 28 April 2024
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් සෞදියට චීන සංචාරය නිමා කිරීමෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සෞදි අරාබියට පැමිණියේය. 28 April 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026