
ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ විරෝධතා ආරම්භ වී ඇත. විරෝධතා පැවැත්වෙන්නේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදීය. විරෝධතා පැවැත්වීමට හේතුව ඊශ්‍රායලය ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනයයි.
විරෝධතා සඳහා පෙරමුණ ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් බව ද පැවැසෙයි.
හිස්බුල්ලා මෙන්ම හමාස් සංවිධානයේ සහ ඉරාන නායකයන්ගේ රුව රැගත් පෝස්ටර් අතැතිව පිරිස විරෝධතාවල නියැලුණාහ.
ටෙහෙරාන් අගනුවර පැවති විරෝධතාවට සමගාමීව වෙනත් ප්‍රධාන නගර රැසකදීම විරෝධතා පැවති බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd