
ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, නේපාලය දරුණු ජල ගැලීම්වලට සහ නායයෑම්වලට මුහුණ දෙයි. නේපාල රජය පැවැසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් 120 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවය.
ජල ගැලීම් සහ නායයෑම් හටගත්තේ දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුණු වැසි නිසාය. 50 කට ආසන්න පිරිසක් අතුරුදන් බව ද පැවැසෙයි.
දිළිඳු ගම්මාන ජලයෙන් යටවී යද්දී, ගම් වැසියන් නිවාසවල වහලයෙන් වහලයට පනිමින් ආරක්ෂිත ස්ථාන වෙත දිවයන ආකාරය විදෙස් මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.
දිවි ගලවා ගැනීම් සඳහා හෙලිකොප්ටර් යානා පවා යොදවා ඇත.
නේපාල රජය පැවැසුවේ මේ වනවිට ජල ගැලීම්වලට සහ නායයෑම්වලට හසුවී කොටුවුණු 3,000 ක් බේරා ගැනීමට හැකිවුණු බවය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd