ඕස්ට්‍රේලියාවේ හෝටලයකට හෙලිකොප්ටරයක් වැටෙයි ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හෝටලයක වහලය මතට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. එම අනතුරින් හෙලිකොප්ටර් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත් විය. 12 August 2024
ග්‍රීසියේ ළැව් ගිනි දරුණුයි ග්‍රීසියේ ඇතන්ස් අගනුවරට උතුරු දෙසින්, ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බව පැවැසෙයි. 12 August 2024
උගන්ඩා කුණු කන්ද 18 ක් බිලි ගනී අප්රිිකාවට අයත් උගන්ඩාවේ කම්පාලා අගනුවර කුණු කන්දක් නායයෑමට ලක්වීමෙන්, 18 දෙනෙක් මියගියහ. මියගිය එම 18 දෙනා අතරේ කුඩා දරුවෝ දෙදෙනෙක් සිටිති. 12 August 2024
යුක්රේනය රුසියාවේ කිලෝ මීටර් 30 ක් අල්ලයි යුක්රේන හමුදා රුසියාවට අයත් කිලෝ මීටර් 30 ක භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද තහවුරු කර ඇත. 12 August 2024
දකුණු අප්‍රිකාවේ රූ රැජින බිහිරි තරුණියක් දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස මීයා ලෙ රොක්ස් නමැති බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත් බව එරට මාධය පවසයි. එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා අතරට ද එක් වී සිටින්නීය. 11 August 2024
ඔලිම්පික් උළෙල අද අවසන් 2024 ප්‍රංශ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදට යෙදී තිබේ. 11 August 2024
යූටියුබ් හිටපු ලොක්කි සමුගනී යූටියුබ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂවරිය සූසන් වොජොස්කී දිවි ගමනින් සමුගත්තාය. 11 August 2024
විවාහ වයස් සීමාව අවුරුදු 9 ට අඩු කෙරේ කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. 10 August 2024
බ්‍රසීල ගුවන් යානයක් අනතුරේ පුද්ගලයන් 62 ක් සමග පියාසර කරමින් තිබුණු බ්‍රසීලයට අයත් එරට අභ්‍යන්තර ගුවන් යානයක් කඩා වැටුණි. යානය කඩා වැටුණේ සාඕ පාවුලෝ ප්‍රාන්තයටය. 10 August 2024
ඊශ්‍රායල හමාස් සාම සාකච්ඡා යළි ඇරැඹේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන් විරාම සාකච්ඡා ලබන 15 වැනිදා පැවැත්වෙන බවය. 09 August 2024
අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි. 09 August 2024
දවසට පස් වතාවක් පල්ලි යන්න ඕනෑ: නැතිනම් දඬුවම් රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවත්, හසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබේ. 09 August 2024
ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ. 08 August 2024
ජපානයට සුනාමි අනතුරු ජපානයේ දකුණු දිග වෙරළ තීරය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඒ සමඟම වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. 08 August 2024
ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති ඇමෙරිකන් පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංග මාලාවක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. 08 August 2024
ඉන්දීය නිලධාරීන් ආපසු කැඳවයි බංග්ලාදේශයේ පිහිටි තානාපති කාර්යාලයෙන් සහ කොන්සල් කාර්යාලවලින් අත්‍යවශ්‍ය නොවන සියලුම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. 08 August 2024
ඔලිම්පික් අවසන් කරන්න ටොම් කෲස් එනවා පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට, හොලිවුඩ් ක්‍රියාදාම නළු ටොම් කෲස් එක්වනු ඇති බවත්, ඔහු චිත්‍රපටවල මෙන් සැබෑ ක්‍රියාදාමයක් රඟ දක්වනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 08 August 2024
ගාසා මරණ 40,000 පනී ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන 40,000 පසු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 08 August 2024
ට්‍රම්ප් ඝාතන තැතට සැකපිට පාකිස්තානුවෙක් දැලේ හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකරු පාකිස්තාන ජාතිකයකු බවත් ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 07 August 2024
බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත. 07 August 2024
කමලා හැරිස් ඇගේ දෙවැනියා තෝරා ගනී ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස්, ඇගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් තෝරා ගත්තාය. ඒ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්රටික් පක්ෂ රැලියේදීය. 07 August 2024
හමාස් සංවිධානයට නව නායකයෙක් ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. 07 August 2024
යුද්ධයක් ඇති වෙන්න දෙන්නේ නෑ ඉරානයත් ඊශ්‍රායලයත් අතරේ පවතින එදිරිවාදිකම් මුල්කොට ගනිමින් මැදපෙරදිග කලාපයේ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත. 06 August 2024
පලා ගිය අගමැතිනිය ඉන්දියාවේ ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. 06 August 2024
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ ගෙදරට ගිනි තියයි ප්රචණ්ඩ ක්‍රියා හමුවේ අගමැතිනී ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී, රට හැර යද්දී, ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන කලහකාරී පිරිස්, බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවස ද ගිනි තබා විනාශ කර ඇතැයි පැවැසෙයි. 06 August 2024
ගූගල් සමාගම වරදකරු වෙයි අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය. 06 August 2024
විපක්ෂ නායිකා කලීඩා ෂියා නිදහස් බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ. 06 August 2024
ඊශ්‍රායලයට අද පහර දෙනවා ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (5) දිනය ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවයි. 05 August 2024
ලෙබනනයෙන් වහා යන්න ලෙබනනයේ සිටින විදේශිකයන්ට වහා එරටින් පිටවෙන්නැයි අනතුරු ඇඟවීම් කර ඇත. ඒ, ලෙබනන් හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලයත් අතරේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි. 05 August 2024
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026