
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.
පේරු යනු ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි. ඇල්බර්ටෝ ෆුජිමෝරි, පේරු ජනාධිපති ධුරය හෙබවූයේ 1990 වසරේ සිට 2000 දක්වා කාලයේය. මානව හිමිකම් උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් සහ දූෂණ වංචා සම්බන්ධයෙන් ෆුජිමෝරිට චෝදනා එල්ල වී තිබුණි. ෆුජිමෝරිට ජනාධිපති ධුරය අහිමිවූයේ එම චෝදනා නිසාය.
එම චෝදනා හේතුවෙන් රටින් පලා ගොස් සිටි, ෆුජිමෝරි පේරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2005 දීය. එල්ල වී තිබුණු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වුණු අතර, වරදකරු වුණු ෆුජිමෝරිට වසර 25 ක සිරදඬුවම් නියම කෙරුණි. පසුගිය 2023 දෙසැම්බරයේ දී වසර 15 කට පසු ෆුජිමෝරි නිදහස් වුණු අතර, එදා සිට මියයනතුරු ෆුජිමෝරි රැක බලාගත්තේ ඔහුගේ පුතා සහ දියණියයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පේරු හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියයයි