IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රම්ප් හැරිස් විවාදය

ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11) ආරම්භ වෙයි. 

ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. හිටපු ජනාධිපතිවරයකු වන ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයාය. වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවය.

ජනාධිපතිවරණයට පෙර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායකි.

අද (11) දින එම විවාදය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ ABC නාළිකාවය. 

ට්‍රම්ප් සහ කමලා හැරිස්  දේශපාලන වේදිකාවක මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. අපේක්ෂකයන් දෙදෙනාම එකිනෙකාට පරිභව කරමින්, එකිනෙකා විවේචනය කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි.

විවාදයේ දී කමලා හැරිස් මානසිකව අසරණ කිරීම ට්‍රම්ප්ගේ අරමුණ වන අතර, ඕනෑම දෙයක් කියන්න ඉඩ දී ට්‍රම්ප් අමාරුවේ දමා, ජනාතා අප්‍රසාදය ඔහු වෙත එල්ල වනු දැකීම කමලා හැරිස්ගේ අරමුණ වන බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

කමලා හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජනාධිපති ධුර අපේක්ෂිකාව වූයේ, වත්මන් ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් ජනපතිවරණ සටනින් ඉවත් වීමෙන් පසුවය.

බයිඩන්, ජනපතිවරණ සටනින් ඉවත් වූයේ ට්‍රම්ප් සමඟ සජීවී රූපවාහිනී විවාදයකට සහභාගී වීමෙන් පසුවය. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය. 

78 හැවිරිදි ට්‍රම්ප් සමඟ විවාදයේ දී බයිඩන් අසරණ වූයේ වයස ඔහුට හරස් වුණු බැවිනි. ඩිමොක්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් බයිඩන්ට විරෝධයක් එල්ල විය. ඒ අනුව, ඔහු උප ජනාධිතිනී කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව බවට පත් කළේය.

59 හැවිරිදි කමලා හැරිස්, ඉන්දීය සම්භවයක් ඇති කළු ජාතික කාන්තාවකි. ඇය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකන් ජනාධිපතිධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත.

 



අදහස් (1)

ට්‍රම්ප් හැරිස් විවාදය

පිටරටවැසියා Wednesday, 11 September 2024 01:15 PM

සජිත් - අනුර විවාදය වගේද? මීට කලින් ආර්ථික කමිටු විවාදයක් නැද්ද ??

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site