IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය අගමැති බයිඩන් හමුවෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියේර් ස්ටාර්මර් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි. ස්ටාර්මර් වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින්නේ බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් ද සමඟය.

ගෝලීය අර්බුද රැසක් සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. රුසියන් යුක්රේන අර්බුදය සහ ඊශ්‍රායල හමාස් අර්බුදය ඒ අතර කැපී පෙනුණි.

ඉරානයත් උතුරු කොරියාවත්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට, මිසයිල ලබා දීම ගැන ද බයිඩන්ගේත්, ස්ටාර්මන්ගේත් අවධානය යොමුවිය.

රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාවේත්, මහා බ්‍රිතාන්‍යයේත් සහාය හිමිවන්නේ යුක්රේනයටය. ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් 'නේටෝ' සාමාජිකයන්ය. මොවුන් යුක්රේනයට දිගු දුර මිසයිල ලබා දීමට සුදානම් වෙයි. දිගු දුර මිසයිල යුක්රේනයට ලබා දීමෙන් වළකින්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකාවටත් මහා බ්‍රිතාන්‍යයටත් අනතුරු අඟවා ඇත.



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති බයිඩන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site