IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 40 ක් මරුට

ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 60 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 

මෙම මානුෂීය කලාපයේ කඳවුරුවල රැඳී සිටින්නේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, ගාසා තීරයේ නන්දෙසින් පැමිණි පලස්තීනුවන්ය. ඊශ්‍රායල හමුදා එල්ල කළ එම ගුවන් ප්‍රහාරයෙන් මියගියේත් තුවාල ලැබුවේත් කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මෙම මානුෂීය කලාපය ඇත්තේ, කාන් යූනිස් නගරයට දකුණු දෙසිනි. පලස්තීන වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කළත්, මෙම මානුෂීය කලාපයට මීට පෙර ද ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇත. පසුගිය ජූලි මාසයේ හමාස් නායක මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් වූයේ ද මෙම මානුෂීය කලාපයට පහර දෙමිනි. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 40 ක් මරුට

ජනරළ Tuesday, 10 September 2024 12:17 PM

අනිත් රටවල මුස්ලිම් ජනතාවට දැන් මේක එච්චර දෙයක් නෙමෙයි වගේ. ඔහේ මරපුදෙන් කියලා වගේ ඉන්නේ. අපි දන්නේ නැතුවට ඒ ගොල්ලෝ ගාව මොන මොනවා හරි ප්‍රශ්න ඇති. නැත්නම් මෙච්චර මරද්දී එක වචනයක් කියනවා ඇහුනේ නැහැ අනිත් මුස්ලිම් රටවල්.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site