
අබුඩාබි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයාද් අල් නහ්යාන් ඉන්දීය සංචාරයකට පැමිණියේය.
අබුඩාබි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ඇරැයුමකට අනුවය.
නවදිල්ලියට පැමිණි, මොහොමඩ් බින් සයාද් අල් නහ්යාන් කුමරු සහ දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය මධ්‍යම රජයේ වානිජ සහ කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් විසිනි.
මොහොමඩ් බින් සයාද් අල් නහ්යාන් කුමරු, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ලෙස ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
කුමරු සමඟ ඉන්දියාවට ආ දූත පිරිසට, අබුඩාඩි අමාත්‍යවරුන් සහ ව්‍යාපාරිකයන් රැසක් ඇතුළත් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd