රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක් ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු දුර මිසයිල භාවිතා කරමින් රුසියාවේ ඉලක්කවලට පහර දෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 20 November 2024
ඕනෑම ප්‍රහාරයකට සූදානම් - රුසියන් ජනපති යුක්රේනයෙන් එල්ල වන ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට රුසියාව සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. රුසියන් ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය යවත්කාලීන කරමින් ඊට අත්සන් තබමිනි. 20 November 2024
හොංකොං ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීන්ට 45 ක් හිරේට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන ආකාරයට කටයුතු කළැයි චෝදනා ලැබූ හොංකොං හි ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් 45 දෙනකුට සිර දඬුවම් නියම කෙරුණි. 20 November 2024
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා නවසීලන්ත වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පවත්වයි. ඒ, නවසීලන්තයේ ආදිවාසී මෞරි ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරන ආකාරයේ නව පනත් කෙටුම්පතක් පාර්ලින්තුවට ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇති බැවිනි. 20 November 2024
චීනයේ පාසලක් ඉදිරියට මෝටර් රථයක් කඩා වදී චීනයේ පාසලක් ඉදිරිපිට පදික වේදිකාවට වේගයෙන් ආ මෝටර් රථයක් කඩා වැදීමෙන් පදික වේදිකාවේ සිටි පාසල් දරුවන් පස් දෙනකු මියගිය බවත් තවත් පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. 19 November 2024
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ දරිද්‍රතාව සහ කුසගින්න නිවාරණය කිරීමේ ප්‍රධාන අරමුණින්, ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී ආරම්භ විය. 19 November 2024
බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා ‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය. 19 November 2024
විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට 2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 දෙනා අභිබවා යමිනි. 18 November 2024
බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා ‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත. 18 November 2024
ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන් ජනසංහාර කරනවා යැයි ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පෙන්වා දෙති. 18 November 2024
හිස්බුල්ලා ප්‍රකාශක අෆීස් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියයයි ඊශ්‍රායල හමුදා ලෙබනනය් බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින්, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මෙහොමඩ් අෆීෆ් ජීවිතක්ෂයට පත් විය. 18 November 2024
මෝදි බ්‍රසීලයට ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරට පැමිණියේය. අග්‍රාමාත්‍ය මෝදි බ්‍රසීලයට පැමිණියේ අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ සංචාරය කිරීමෙන් අනතුරුවය. 18 November 2024
උත්තරීතර නායක කමේනී සිහිසුන් තත්ත්වයක ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, මේ වනවිට ඔහු සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත. 18 November 2024
ඇමෙරිකන් අවිවලින් රුසියාවට පහර දෙන්න - බයිඩන් ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල යොදා ගනිමින්, රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් යුක්රේනයට අවසර දෙන බව ධුරයෙන් සමු ගැනීමට සූදානම් වන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 18 November 2024
ප්රචණ්ඩ සුළි කුණාටුවක් නැගෙනහිර පිලිපීනයට කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මන් යී’ යනුවෙන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 230 ක වේගයකින් නැගෙනහිර පිලිපීනයට කඩා වැදුණි. 17 November 2024
බයිඩන් චීන ජනපති අවසන් වරට හමුවක් ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ අවසන් වරට හමුවක් පේරු රටේ ලීමා නුවරදී පැවැත්විණි. ඒ, ලීමා නුවර දී ආරම්භ වූ ‘ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව’ අතරතුරේදීය. 17 November 2024
ආජන්ටිනා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවෙයි ආජන්ටිනා ජනාධිපති සහ ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ට්‍රම්ප්ට අයත් ‘මාර් ආ ලාගෝ’ නිවාඩු නිකේතනයේදී පැවැත්විණි. 17 November 2024
යුක්රේන රුසියන් යුද්ධය ඉක්මනින්ම අවසන් වේවි ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති ආකාරයටම, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් වේවි යැයි තමන් විශ්වාස කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. 17 November 2024
මෝදි බ්‍රසීලයට මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි. 16 November 2024
ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමු වී අවසන්ය. 16 November 2024
ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත. 16 November 2024
බිරිඳ මෙලානියා වැඩිපුර ධවල මන්දිරයේ නැති වේවි ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳ මෙලානියා ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සැක සහිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 14 November 2024
ට්‍රම්ප්-බයිඩන් හමුවෙති ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි. 14 November 2024
නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව, ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වනු ඇත්තේ ද මැට් ගේට්ස්ය. 14 November 2024
ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර ඇත. 14 November 2024
ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. 14 November 2024
ඊශ්‍රායල ඇමෙරිකන් තානාපති මයික් හකබී ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති ලෙස ආකන්සාස් ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වන මයික් හකබී පත් කරන බව ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත. 13 November 2024
බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි. 13 November 2024
ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක් තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 13 November 2024
ට්‍රම්ප් සමඟ යහපත් සබඳතා පවත්වන්න ඉරානය සූදානම් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 13 November 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026