
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අනුව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය කඩා වැටෙනු ඇතැයි අනුමාන කර ඇත්තේ ඉන්දුනීසියාවට ඔබ්බෙන් ඉන්දීය සාගරයටය.
සෝවියට් රුසියාව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය 1972 මාර්තු මාසයේ දී සිකුරු වෙත යැවීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය.
යානය පෘථිවියට ඉහළින් අක්‍රිය වී පාවෙමින් තිබුණු අතර, පසුව එය කෙමෙන් කෙමෙන් පෘථිවියට ඇදී ආවේය. පසුය එය පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඉන්දීය සාගරයට පතිත වනු ඇති බව විද්‍යාඥයෝ පැහැදිලි කළහ.
සෝවියට් විද්‍යාඥයන් ‘කොස්මොස් 482’ නිර්මාණය කර ඇත්තේ සිකුරුගේ වායුගෝලයේ අධික තාපයට ඔරොත්තු දී සිකුරු මතුපිටට ගොඩබෑමටය.
පෘථිවි වායු ගෝලයට වඩා සිකුරුගේ වායුගෝලය අධික තාපයෙන් යුක්ත බැවින්, අක්‍රිය වූ යානය පෘථිවි වායුගෝලයේ විනාශ වී නොයනු ඇතැයි ද පැවැසෙයි. ඒ අනුව, ‘කොස්මොස් 482’ යානය හානි නොවී මුහුදට පතිත වනු ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෝවියට් යානය ඉන්දීය සාගරයට