IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි

දින 90 ක කාලයක් සඳහා, එකිනෙකාට පැනවූ තීරු බදු අඩු කිරීමට ඇමෙරිකාවත් චීනයත් එකඟ විය.

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා සියයට 145 ක තීරු බද්දක් ද, ඊට එරෙහිව යමින් චීනය ඇමෙරිකන් භාණ්ඩ සඳහා සියයට 125 ක බද්දක් ද පනවා තිබුණි.

ඇමෙරිකාව සහ චීනය මෙසේ එකිනෙකාට බදු පනවා ගැනීම වෙළෙඳ යුද්ධයක් ඇති කිරීමට හේතුවක් විය.

චීනය සමඟ මේ අයුරින් නව එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවීම සතුටක් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ඇමෙරිකාව සහ චීනය අතරේ මෙසේ එකඟතාවක් ඇති කර ගැනීම සිදුවූයේ චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. ඉකුත් සති අන්තයේ එම සාකච්ඡා පැවැත්වූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීය.

නව එකඟතාවයට අනුව, ඇමෙරිකාවටත් චීනයටත් ගනුදෙනු කිරීමට හැකිවනු ඇති බවත්, ඉදිරියේ දී දෙරටටම වාසිදායක තත්වයක් උදාවනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි

Yass Samarasinghe Tuesday, 13 May 2025 11:41 AM

පොඩි අය වගේ... චික් විතරක්...

:       0       1

සාලිය Wednesday, 14 May 2025 07:11 AM

අලි ස්වයං වින්දනයේ යෙදෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site