
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යෑමට බලාපොරොත්තු වන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ අවධාරණය කළේ, යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
‘රුසියන් ජනාධිපතිවරයා තුර්කියේ දී මුහුණට මුහුණ හමුවන්න මා සූදානමින් සිටිනවා. සටන් විරාමයකට යෑමටත්, සාම වැඩපිළිවෙළකට යෑමටත් මා සූදානම්.’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත. තුර්කිය නේටෝ රාජ්‍යයක් වන අතර, රුසියාව සමඟත්, යුක්රේනය සමඟත් සමීපව කටයුතු කරයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
පිටිගල මිලානෝ Monday, 12 May 2025 01:30 PM
මේ ජෝකර් රටට කරගත්තු විනාශයක්…
Sarath Monday, 12 May 2025 03:30 PM
වටේ ගිහිල්ල කෙලවාගෙන දැන් එනවා පුටින් එක්ක නැලවෙන්න. ලැජ්ජයි සෙලෙස්කියෝ ලැජ්ජයි., අයි දැන් උබට NATO ඇති වුණාද..?