උතුරු මහඇමැතිගේ අභියාචනය සළකා බැලීම සැප්තැම්බර් 5 වැනි දා උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ලබන සැප්තැම්බර් 5 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 26 July 2018
ලක්ෂයට අඩු ණය කපා දැමීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටෙන්න යයි මූල්‍ය ආයතනවලින් ලබාදී ඇති රුපියල් ලක්ෂයට අඩු කෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට කටයුතු කරන බවට රජය නිවේදනය කිරීම නිසා එම ආයතන කඩා වැටීමකට ලක්වෙමින් පවතිතැයි මූල්‍ය ආයතන පවසති. 26 July 2018
උඩුවේ හිමියෝ ගුවන් යානයෙන් ඉවතට වැඩම කරවති උඩුවේ ධම්මාලෝක හිමියන් ‘මස්කට් නුවර හරහා ලන්ඩන් බලා පිටත්ව යෑම සඳහා අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර , ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයේ අසුන් ගෙන සිටියදී ,එම යානයෙන් බස්සවා නැවත පිටත් කර යැවු බව කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි. 26 July 2018
දිවුලපිටියේ උද්ඝෝෂණයක් හේතුවෙන් ගමනාගමනයට බාධා දිවුලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයාට පහරදී රාජ්‍ය දේපල හානි කළ බව කියන බන්ධනාගාර නියමකවරයකුට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ සේවක පිරිස් දිවුලපිටිය නගරයේ පාර අවහිර කර උද්ඝෝෂණයක නිරත වුහ. 26 July 2018
පාකිස්තානු මැතිවරණයේදී ඉම්රාන් ඛාන් ඉදිරියෙන් මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වන බව පාකිස්තාන බලධාරීහු අද (26) උදෑසන ප්‍රකාශ කළහ. 26 July 2018
ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ ගුවන්යානා අංගනයකදී දරුවකු ප්‍රසුත කරයි ඉතාලියේ සිසිලි දූපතේ රැකියාවක නිරතව සිටි ශ්‍රිලාංකික කාන්තාවක් එරට ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප්‍රසූත කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. 26 July 2018
මන්නාරම් සමුහ මිනිස් වළෙන් සිරුරු 53 ක කොටස් හමුවෙයි මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 53 කට අයත් අස්ථි කොටස් ප්‍රමාණයක් සොයා ගත් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. 26 July 2018
දක්ෂිණ සාහිත්‍ය කීර්ති ස්වර්ණ සම්මානය රත්න ශ්‍රී විජේසිංහට ගාල්ල මහ නගර සභා භූමියේ දී අද (25) ආරම්භ කෙරුණු දක්ෂිණ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේදී ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාට දක්ෂිණ සාහිත්‍ය කීර්ති ස්වර්ණ සම්මානය පිරිනැමිණ. විජය පුවත් පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ හා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාට ’’දක්ෂිණ පුවත් කතු ශූරී ස්වර්ණ සම්මානය’’ පිරිනැමිණි. 25 July 2018
ත්‍රීකුණාමලයේදී ටෙලෝ සංවිධානයේ සමාජිකයන් සැමරේ වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනය වූ දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ සංවිධානයේ සමාජිකයන් සැමරිමේ 35වැනි සංවත්සරය අද (25) ත්‍රීකුණාමලය මුහුදු වෙරළේ පිහිටි වැලිකඩ පරිත්‍යාගශීලින් අනුස්මරණ වේදිකාව අසලදී පැවැත්විණි. 25 July 2018
ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් බලපත්‍රය අහෝසියි මුල්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය ‘‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අද (25) අවලංගු කරන ලදී. 25 July 2018
අධ්‍යාපනයේ දියුණුවට 2019 ට අයවැය යෝජනා 12 ක් අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව 2019 අයවැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන අයවැය යෝජනා 12 රජයට බාරදී ඇත. 25 July 2018
රන් කැබලි සමඟ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට තම යටි පතුල්වල රන් කැබලි 4 ක් අලවා ගෙන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (25) කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 July 2018
ලක්ෂ 50ක අගරු චෙක්පත් දුන් රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකට රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචා කර අගරු චෙක්පත් ලබා දුන් බව කියන රූපලාවන්‍ය ශිල්පිනියක් අද (25) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 25 July 2018
උදයන් හිමිකරුගෙන් - මුලතිව් දිසාපතිනිගෙන් ප්‍රකාශ ගනී හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උදයන් පුවත්පතෙහි හිමිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරවන භවන් මහතාගෙන් හා මුලතිව් දිසාපති රූපවති කේ.බිස්කරන් මහත්මියගෙන් අද (25) ප්‍රකාශ ලබා ගත් බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 25 July 2018
පේරාදෙණිය සරසවියේ උපකුලපති ධූරය යළි මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායකට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මාහාචාර්ය උපුල් බංඩාර දිසානායක මහතාගේ ධුර කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වසර 3 ක කාලයක් දීර්ඝ කර තිබේ. 25 July 2018
ගල් ගුහාවෙන් මුදාගත් තායි දරුවෝ 11 දෙනා තාවකාලික පැවිද්ද ලබති දින 18කට ආසන්න කාලයක් උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණයේ සිර වී සිට මුදාගත් දරුවන්ගෙන් 11 දෙනා අද (25) තාවකාලික පැවිදි දිවියට එළැඹුණාහ. 25 July 2018
ගුරු - විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි ගුරු හා විදුහල්පතිවරුන් හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන් බව කියමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 1014 දෙනෙකුට නීතිවිරෝධී ලෙස අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ තනතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව කියමින් ඊට විරෝධය දැක්වීම සඳහා ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් ගණනාවක් ඒකාබද්ධව හෙට (26) සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබිණි. 25 July 2018
දුමින්දගේ අභියාචන පෙත්සමේ තීන්දුව කල් යයි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (25) කල් තබන ලදී. 25 July 2018
ගෝඨාට එරෙහි පොදු දේපොළ පනත් නඩුවේ පෙත්සම් විභාගය කල් යයි වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වළකාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 28 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (25) නියම කළේය. 25 July 2018
සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නැයි ඉල්ලයි වෛද්‍ය නොවන අනෙකුත් සියලුම සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ ජනාතාවට බලපාන සංශෝධිත වෛද්‍ය ආඥා පනත හකුලා ගන්නා ලෙස පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී. 25 July 2018
ජනපති නියමයෙන් උසස්වීම් 1014 ක් අත්හිටුවයි දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ. 25 July 2018
අධ්‍යාපනය නවීකරණයට ලෝක බැංකුවෙන් කෝටි 10 ක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 10 ක ණය මුදලක් ලබා දීමට තීරණය කර ඇත. 25 July 2018
ගිංතොට- අම්පාර සිද්ධිවල හානියට වන්දි ගිංතොට සහ අම්පාර යන ප්‍රදේශවල ඉකුත් කාලයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානි වු දේපළ හා පුජනීය ස්ථානවලට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 25 July 2018
රැඳවියන්ගේ ප්‍රශ්න සොයා බැලීමට නව වැඩපිළිවෙළක් දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන්ගේ ප්‍රශ්න විසඳිම සඳහා ඍජුවම මැදිහත් වීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව අධීකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 25 July 2018
‘අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා අපරාධකරුවන් හසුකර ගැනීමට අපහසුවෙලා’ අල්ලස් හා දුෂණයට එරෙහිව කටයුතු කරද්දී අන්තර්ජාතික නීතිවල අඩුපාඩු නිසා බරපතල ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපහසුව පවතින්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 25 July 2018
සාක්කි දෙන්න උසාවි නොආවාට සිතාසි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් ඉදිරි දින නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස යුද හමුදා කර්නල් නවරත්න අසේල මහතාට කොළඹ මහ 25 July 2018
එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන ශාලාව මහින්ද රාජපක්ෂ නමට ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු දිවංගත අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා නමින් නම්කර ලබන අගෝස්තු 10 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතව තිබු කන්තලේ නගර ශාලාව මහින්ද රාජපක්ෂ නගර ශාලාව ලෙස නම් කිරිමට තීරණය කර තිබේ. 25 July 2018
‘විදෙස් ශ්‍රමිකයන්ගෙන් වසරකට 600 ක් මිය යනවා’ වසරකට විදෙස් ගතව සිටින මෙරට ශ්‍රමිකයන් 600කට වැඩි පිරිසක් මියයන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. 25 July 2018
පෞද්ගලික සෞඛ්‍ය සේවා වැට් බද්ද ඉවතට පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා පනවා තිබු 15% වැට් බද්ද ජුලි 2 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියන් හිමි වී තිබේ. 25 July 2018
‘වෘත්තීය සමිති වලට ඕනෑ විදියට හෙට පාසල් වහන්න දෙන්නේ නෑ‘ ඇතැම් වෘත්තිය සමිති වලට අවශ්‍ය පරිදි හෙට දිනයේ පාසල් වසා දැමිමට ඉඩ නොදෙන බවත් කලින් යොදා ගත් පරිදි පාසල් වාර විභාග පැවැත්විමට කටයුතු කරන බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය. 25 July 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026