(අනීෂා මානගේ)
ජනපති අතින් අද විවෘත වූ හම්බන්තොට මහ රෝහලත් චීන රජයට ලබා දෙයිද යැයි සැකයක් මතුව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ අද (01) පස්වරුවේදී බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
‘‘දිගටම මේ ආණ්ඩුවේ න්‍යාය වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා සංවර්ධන යෝජනාවලි ගේනවා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒවා විවෘත කරනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒවා විකුණනවා. අපිට පේන විදියට හම්බන්තොට රෝහලට වෙන්නෙත් ඒකම තමයි.
මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විවෘත කළා. තව මාස කිහිපයක් ඇතුළත මේකත් චීන රජයට දේවිද කියලා අපිට සැකයක් තිබෙනවා.
මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉදන් රටේ සංවර්ධනය නැවැතුණා. හම්බන්තොට රෝහල පළමුවරට ගිවිසුම්ගත වෙන්නේ 2011 වසරේ ජුනි මාසේ 21දිනයි. 2013 වසරේ ජුනි මාසේ 29 දින මුල්ගල් තබා 2014 වසරේ දෙසැම්බර් වෙද්දි සියයට අනූනවයක් වැඩ අවසන් කළා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුදු හතරක් යනකළ් මේ රෝහලේ ඉතුරු සියයට එක හදලා විවෘත කරන්න හැකියාවක් ලැබුණේ නැහැ.
පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව උත්සාහ කළා මෙය චීන සමාගමකට දෙන්න. හම්බන්තොට වරාය දුන්නු සමාගමටම දෙන්න උත්සාහ කළා. අන්තිමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ විරෝධය එද්දී එය නැවැතුණා.
වසර හතරක් ගතවනතුරුත් මෙය විවෘත කරගන්න බැරි වුණා. මෙහි ප්රථිඵලයක් තමයි කිරින්දේදී දියේ ගිලුණු අම්මව හම්බන්තොට රෝහලට අරගෙන එද්දී අවශ්‍ය පහසුකම් තිබුණෙ නැහැ.
රෝහලට අවශ්‍ය උපකරණ ගේන්න සියළුම ගිවිසුම් ගත වී තිබුණේ. ඒ උපකරණ වෙනත් රෝහල්වලට යවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් පළිගත්ත නිසායි එදා ඒ අම්මා ජීවිතක්ෂයට පත් වුණේ" යැයි චානක මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය කියන්නේ අද ලෝකයම දිනපු රටක් ... චීන්නුන්ට අද ඔය කසල වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ.. ගොරකයෙක් වගේ මුහුණක් තිබුණට.. ගොරකා කතා නොකිය හිටියා නම්, එ්කත් ලොකු දෙයක්..
හිතෙන එව්වා කියලා රට කළඹන්න එපා, කවුරුහරි දැම්මොත් චානක කියන්නේ අයිසිස් කාරයෙක් කියලා සැකයක් තියෙනවා නැතිනම් හම්බන්තොටට කුඩු බෙදා හරින්නා කියල සැකයක් තියෙනවා.... කියලා ඔබතුමාට මොකද හිතෙන්නේ? එ්කත් ඔය වගේම සැකයක් විතරයිනේ... නේද? ඒක නිසා හරියට නොදැන කට කැඩිච්ච කතා කියන්න එපා රට කලඹන්න.
බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕන නේද?
මේ පුද්ගලයන් හිතන් ඉන්නේ මුළු ලංකාවේම මිනිස්සු හම්බන්තොට මිනිස්සු වගේ මේගොල්ලෝ කියන හැම බොරුවක්ම විශ්වාස කරයි කියල මේගොල්ලෝ වගේ නුගත් දේශපාලුවෝ නිසා ලංකාවට අද මෙහෙම වෙලා තියෙන්නේ වර්ෂ 20 රට පාලනය කරලා නොදුන් දේවල් දෙනකොට ඒක අගය කරන්න තරම් නිහතමානී නැහැ
චීනෙට දෙන්න. එහෙම දීලා හරි දේශපාලුවන්ගේ ඇඟිලි ගැසීම් වලින් තොරව ලෝකයේ පවතින උසස්ම ප්‍රමිතියන්ට පවත්වාගෙන යනවානම් නොමිලේ උසස් ගනයේ වෛද්‍ය පහසුකම් හා බෙහෙත් ටික සියලු දෙනා හට ලැබෙනවානම් කට තිබුණු පලියට කෑගහන ඔයාලා වගේ උදවිය යන්නේත් ඔය ඉස්පිරිතාලේටම තමා.
තේ කෝප්පේ කිඹුල්ලු හොයන්නේ යනෙන මගක් නැතිවුනාම. ඔච්චර පහතට යන්න එපා. ගොරකයෙක්ම තමා.
රස්තියාදු කාරයින් දේශපාලනය කරනකොට මොනවාද කියන්නේ කියල ඔවුන්ම දන්නේ නෑ. ඔහේ කුලියට කහිනවා.
දන්නේනම් නෑ. ඔහුගේ ලොක්ක හමුදා මූලස්ථානය ත් ච්නෙට දුන්නේ
කොහෙද මේ රෝහල මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවේ. මේක හැදුවේ යහපාලන රජය
ඇඳගෙන ඉන්න " කමිසෙයි , කලිසමයි " අයිතිත් චීන්නුන්ට කියල එහෙම සැකයක් පහල උනේ නැද්ද ..???
මන්ත්‍රීතුමා, මුලින්ම සාමාන්‍ය පෙළ ලියල ආව නම් මොකද?
ඔබතුමාව හරක් මස් විදියට දෙන්න හදනවා කියලත් සැකයක් මතයක් මිනිස්සු අතර තියෙනවා. ඒක ඇත්තද ?
නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදි කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල! මිනිසුන්ට ණය ගෙවන්න වෙනවා මේකට
චීනට රට විකුණන එක පටන්ගත් අයම දැන් දොඩවන එක විකාරයක්..
ඕක එච්චර ගණන් ගන්න එපා .