(එම්.කේ.නන්දසේන )
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යයේ, මංගල පෙරහර හෙට (03) රාත්‍රියේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.
ධාතු කරඬුව හස්තිරාජයාගේ පිට තැන්පත් කර අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර අෂ්ටඵල බෝධිය වටා මහා දේවාලය පිටුපසින් ප්රදක්ෂිණා කර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්වේ.
මෙසේ පිටත්වන පෙරහර ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කරනු ඇත. මෙහිදී චිරාගත පුද සිරිත් ඉටු කිරීමෙන් පසු එම වීදිය ඔස්සේ ම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහා දේවාලය වෙත ගෙවැදීමෙන් පසු අද දිනය තුළ පෙරහර නිමාවට පත්වේ.
අලි ඇතුන් විශාල සංඛ්‍යාවක්ද උඩරට පහත රට හා සබරගමු සම්ප්‍රදායන්ට අදාළ නර්තන කණ්ඩායම් රැසකින්ද, භක්ති කාවඩි, ගිනිකෙළි සංදර්ශන යනාදී විවිධාංග රැසකින් ද පෙරහර සමන්විත වේ.
පෙරහර මංගල්‍යයේ දෙවෙනි පෙරහර බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම බෝධින් වහන්සේ අදත් කතරගම පුදබිමෙහි වැඩ සිටී. බෝධීන් වහන්සේ වැඩ සිටින බෝධි අංගනය පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ දොරටුව ඇතුලෙහි ශෛලමය සදකඩ පහනකි. තවත් සදකඩ පහනක් කතරගම දේවාලය පවත්වන ගෘහය ඇතුලත ඇත. ලෝකයේ ම පුරාවිද්‍යාවෙන් ස්ථීර ලෙස ම සනාථ කළ කරුණ වනුයේ සදකඩ පහන පිහිටුවාලනුයේ බෞද්ධ සිද්ධස්ථාන වල පමණක් බවය. බෞද්ධ පුරාවස්තු අධ්‍යයන කිරීමේදී මෙය පුරාවිද්‍යාව මැනවින් තහවුරු කරයි. එසේනම් කතරගම පුදබිම යනු බුදුරදුන්ට අයත් සිද්ධස්ථානයකි. දැනට කතරගම මහ දේවාලය යනුවෙන් භාවිතා කරන්නේ අතීත ආසනඝරයක් බව කිවයුතුය. කතරගම දෙවියන් උදෙසා දුටු ගැමුණු මහ රජු විසින් දේවාලයක් සෑදුවාලු! එහෙම මතයක් , කියමනක් ඇතැමෙක් ගේ ඇත. එය තහවුරු කිරීමට මූලාශ්‍ර තිබේද? මෙතෙක් කිසිදු මූලාශ්රයන් ලැබී නැත. මහා වංශය, ථූපවංශය, සෙල් ලිපි, ගිරි ලිපි, ටැං ලිපි, පුවරු ලිපි, ආදී කිසිදු මූලාශ්රක නැත. මහා වංශයේ නැතිනම් වංසත්ථප්ප්කාසනී මහා වංශ ටීකාවේද නැත. කිසිදු වංශ කථාවක නැත. අටුවාක, ටීකාවක නැත.ඕනෑම කෙනෙක්ට හිතළු කිව හැක. නමුත් එම හිතළු ශාස්ත්‍රීය ගවේෂණ සදහා යොදා ගත යුත්තේ පිළිගත හැකි මූලාශ්‍ර ඇත්නම් පමණි.
ආචාර්ය උපාධි ලත් ඇතැම් උගතුන් කතරගම දේවාලය ඉදිකරනු ලැබුවේ දුටුගැමුණු මහරජ තුමන් බව ප්‍රකාශ කර ඇත. ඇතැම් උගත්, රට පිළිගත්, භික්ෂූන් වහන්සේලා කතරගම දේවාලය ඉදිකරනු ලැබඇත්තේ දුටුගැමුණු මහරජ තුමන් බව කියනවා අසා ඇත. මේ කියමන් සියල්ල සම්පූර්ණයෙන්ම බොරු අසත්‍ය ප්‍රකාශ බව කිවයුතුව ඇත. යමෙක් යම් ප්‍රකාශයක් කරනවා නම් විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා විසින් සහ ශාස්ත්‍රීය වශයෙන් කරුණු ගෙනහැර දක්වන උගතුන් විසින් තම මතය, ශාස්ත්‍රීය වශයෙන් සනාථ කිරිමට වගකීමෙන් බැදී ඇත. තම අත්තනෝමතිය දක්වන්නේ නම් තම මතය සනාථ කිරීමට තරම් වන සාධාරණ හේතු ප්‍රකාශ කළ යුතුය. යමෙක් ජනවහර අනුව හෝ අත්තනෝමතිය හෝ සමාජ ගත කරන්නේ නම් එය සනාථ කිරීමට කරුණු ගැන හැර දැක්වීම ඔහුගේ වගකීමය. තම උගත්කම, සමාජ පිළිගැනීම, භික්ෂුත්වය (බුදු සසුනේ භික්ෂුන් වහන්සේ නමක් වීම), තම මතය හේතු වියුත්තව, සමාජගත කිරීමට උත්සාහ කිරීම මූඪ, අශාස්ත්‍රීය කමකි. තම මතය අශාස්ත්‍රීය ක්‍රම තුළින් අනුන් පිට පැටවීමට, උත්සාහ කිරීම උත්සාහ කිරීම පුද්ගලයින්ට, සමාජයට කරන බලහත්කාරකමකි. එය උගතෙකුට, ශාස්ත්‍රීය පර්යේෂකයෙකුට, කිසිසේත්ම තරම් නොවේ..
ඉදිරිපත් කරන ලද තම මතයට හේතු සාධක ඉදිරිපත් නොකර මග හරින්නේ නම් එය බියගුලුකමකි. කතරගම දේවාලය යනු බුද්ධ සංතක විහාරයක් (ආසන ඝරයක්) දේවාලයක් බවට පසු කාලයේ පෙරලීමකි. හින්දු කෝවිල් බලය බුදු සසුන ආක්‍රමණය කිරීමකි. එබැවින් කතරගම පුදබිම බෞද්ධ පුදබිමක් මිස හින්දු දේවාල - කෝවිල් පුදබිමක් නොවන බව සඳහන් කළ යුතුය...