එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (01 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට එරෙහිව කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබාගත්තේය.
හමුවේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. අද තරගයේ ප්‍රතිඵලය කුමක් වූවද ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව කොදෙව් පිලට හිමි නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායමද අවසන් පූර්ව වටයෙන් බොහෝ දුරස් වී සිටින නමුත් ඉතා දුර්ලභ අවස්ථාවක් නැතිවාම නොවේ. ඒ සඳහා එංගලන්තය නවසීලන්ත කණ්ඩායම හමුවේ විශාල පරාජයක් ලැබිය යුතුවා මෙන්ම බංග්ලාදේශයද ඉතිරි තරග දෙකින් එකක් පරාජය විය යුතුය. අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම ලබන සෙනසුරාදා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගය ද විශාල ලකුණු පරතරයකින් ජයගත යුතුව තිබේ.
තරගයේ සජීවී විස්තර විස්තර විචාරය සඳහා https://tinyurl.com/y6stpvs6 වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd