(මනෝප්‍රිය ගුණසේකර)
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට උදේ 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම   සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබිණි.