(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් සේවාවන් සඳහා ඉන්ධන සැපයුම් මිල අඩු කිරීම, බදු සහන සැලසීම ඇතුළු විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) උපදෙස් ලබා දුන්නේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පසුබෑමට ලක් වූ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
මේ අනුව ගොඩබිම් මෙහෙයුම් කටයුතු ගාස්තු අඩු කිරීම, ගුවන් යානා වලට සපයන ඉන්ධන මිල අඩු කිරීම සහ ගුවන්ගත වීමේ බදු අඩු කිරීම වැනි පියවරවල් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන් අගමැති වික්‍රමසිංහ මහතා එවැනි සහනයන් ලබා දීම මගින් ගුවන් සේවාවලට සිය ගුවන් ගමන් ටිකට්පත්වල මිල අඩු කිරීමට හැකි බව පෙන්වා දුන්නේය.
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී අද (01) පැවති සාකච්ජාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සාකච්ජාවට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක රාජ්‍ය ඇමතිවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ,අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක,ගුවන් තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා,සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ජාවට සහභාගී වූහ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සංචාරක පුරවරයක් කිරීමේදීද මෙම ක්‍රියාදාමයන් අනුගමනය කිරීම වැදගත් බවයි .
ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ක්‍රියාත්මක ගොඩබිම් මෙහෙයුම් කටයුතුවල මට්ටමට අප ගුවන් තොටුපළේ සේවාවන් පවත්වා ගත යුතු බවත් නැව්ගත වීමේ බදු මුදල ඩොලර් 40 දක්වා අඩු කරන ලෙසද අගමැතිවරයා මෙහිදි උපදෙස් ලබා දුන්නේය.
මෙසේ සේවාවන් සහ ඉන්ධන මිල අඩු කිරීමේදී ගුවන් සේවාවන්ට සිය ගුවන් ටිකට් පත්වල මිල අඩු කළ හැකි වන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංචාරක ප්‍රවර්ධන වැඩ පිළිවෙල කඩිනමින් විධිමත් කළ යුතු බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය. එහිදි සංචාරක මෙහෙයුම්කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 150 ක මුදලක අරමුදලක් පිහිටුවන බවද අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් කළේය. සංචාරක ප්‍රවර්ධනයේදී ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය සහ ඉන්දියාවේ සංචාරකයින් විශේෂයෙන් අරමුණු කර ගනිමින් කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
හෝටල් කර්මාන්තකරුවන් බැංකුවලින් ණය ලබා ගැනීමේදී විශාල ඇපකරයක් ඉල්ලා සිටීම නිසා ණය ලබා ගැනීමේදී හෝටල් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයකට පත් වන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.
ණය ලබා දීමේදී බැංකුවලට මුහුණ පෑමට සිදු වන අවධානම බෙදා ගැනීම සඳහා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ අදාළ බැංකු සමඟ සාකච්ඡා කර වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අගමැතිවරයා උපදෙස් ලබා දුන් අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න මහත්වරුන්ට එම වැඩ පිළිවෙල භාර දෙනු ලැබිණි.
සංචාරක කර්මාන්තය සඳහා පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන බදු මුදල්වලින් සහනයක් ලබා දිය යුතු බවට මෙහිදී අවධානය යොමු වූ අතර එය නීතිපතිවරයා සමඟ සංචාරක ඇමතිවරයා සමඟ සාකච්ඡා කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට මෙහිදි අවධාරණය විණි.
සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී එළැඹුණු තීරණයන් කැබිනට් මණ්ඩලයට යොමු කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේනම් වැඩක්වෙයිද කියන්න බැහැ. මෙතන ලංකාවට නොඑන්නේ ගුවන් යානා නෙමෙයිනේ, එව්වගේ එන සංචරකයෝනේ.. ඔය සහන ගත්තු එක සමාගමක්වත් මගීන්ට ටිකට් පතට එක ඩොලර් එකක්වත් අඩුකලොත් මෙන්න මගේ කන... අනික ඔය සහනෙට ටිකට්පතකින් ඩොලර් දහයක් පහළොවක් අඩු කළත් ඒ ලාබෙ බලාගෙන ලංකාවට නිවාඩුවට යමු කියලා එනවා නම් එන්නේ චපාතිකාරයෝ විතරයි. මෙහෙඇවිත් අතමිට යහමින් වියදම් කරලා යන්න එන සංචරකයෝ නම් ඩොලර් දහයේ පහලොහේ ලාබෙ බලන්නේ නැහැ. අන්තිමේ මිනිස්සු නැතුව හිස් ආසන එක්කලා එන ගුවන් යානාවලටත් සල්ලි ගෙවන්න වෙනවා...
චන්දිම මහත්මය ඔය දීපු සහනේ වැරදිනම් සහන දෙන වෙන වැඩපිළිවෙලක් ඔබට තිබේද ? එසේනම් එය ඉදිරිපත් කරන්න .
කරන දෙයක් ඉක්මනට කරන්න. මෙහෙ ඉන්න විදේශිකයෝ දැනටමත් ටිකට් ලබාගෙන ඉවරයි. ලංකාවේ අයගේ අන්තිම මොහොත වෙනකන් විදේශිකයෝ බල බල ඉන්නේ නැහැ
ඉතා හොඳ අදහසක්
ඡන්දෙ ලග නිසා බොරු වැඩ ඕන නැහැ අගමැතිතුමා. මෙච්චර කාලෙකට දකුණු ආසියාවෙන්ම වැඩිම ගුවන්තොටුපල බදු අය කරේ කටුනායක ගුවන් තොටුපලේදී. උදාහරණයක් දෙනවනම් සිංගප්පුරුවට ටිකට් එක රුපියල් 16,500 වෙද්දී ඔබතුමාගේ බදු විදියට එකට රුපියල් 17,500 විතර එකතු කරලා රුපියල් 34,000 විතර සංචාරකයන්ට විකුනනවා.
ගුවන් ටිකට් පත් වල මිල අඩු වෙච්ච පමණින්ම සංචාරකයො එනවා කියන්න අමාරුයි, ඒත් ශ්‍රී ලංකාව හරහා වෙනත් රටවලට යන්න එන මඟීන්ට වියදමක් අඩු වීම මඟින් යහපතක් වෙන්න හැකියි. අනෙක් අතට ගුවන් සේවාවන්ට ලංකාව හරහා ගුවන් ගමන් යාම අනෙක් රටවලට සාපෙක්ෂව ලාභ දායි වුනොත් එතනත් වාසියක් එන්න හැකියි, මොකද සේවා ලබා ගැනීම හා කාර්ය මණ්ඩලය ලංකාවේ හෝටල්වල නවාතැන් ගැනීම නිසා.
ලංකාවේ තිබෙන අස්ථීර නිතිය ක්‍රියාත්මක නොවන වැරදි වලට දඩුවම් නොලැබීම වගේ දේවල් ගැන පිටරටවල මිනිසුන් කතා බක කරනවා සංචාරයට යන්න පෙර ඒ රට ගැන ඔවුන්ගේ පරිසරය අරක්ෂ කිරීම පමණක් නොව සංචාරකයන් ගසා කන නැරඹීම ට අයකරන මුදල් වගේ දේවල් ගැන හිතනවා මිසක් මේ ඩොලර් 10-15 අඩු වුන පලියට ඒ රටට යන්න සුදානම් කොටසක් මේ රටවල් වල නැහැ අපේ ලංකාවේ සංචාරක මණ්ඩලයේ සහ ප්‍රවර්ධන මණ්ඩලයේ සිටින යට කිසිම දැනීමක් නැහැ පිටරැටියන් බලාපොරොතු වන්නේ කුමක්ද කියා වෙනස් කල හැකි අනවශ්‍ය නීති රීති ලංකාවේ ගොඩක් තිබෙනවා මේ ගැන මෙවැනි අදහස් දැක්වීමකින් කියා දෙන්න බහ.වසර 30ක් පමණ සංචාරක කර්මාන්තයේ සේවයේ යෙදී සිටින ම හට හොද අවබෝදයක් තිබුනත් ඉන් ප්‍රයෝජනයක් ගන්න ලංකාවේ කිසිවෙකුට උවමනාවක් නැහැ මේ නිසාම මා පදිංචි වී රැකියාව කරමින් සිටින්නේ පිටරටක .
එතකොට තෙල් මිල සූත්‍ර, මිල වැඩිකිරීම සේරම මේ රටේ බදු ගෙවන ජනතාවටද?
සංචාරක මණ්ඩලේ ගැන නම් කතාකරන්නවත් එපා.