(බිඟුන් මේනක ගමගේ )
සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධවලට වැඩි වශයෙන් සම්බන්ධ වී ඇත්තේ පාසල් වයසේ සිසුන් යැයිද , එනිසා නිසි මගපෙන්වීමකින් තොරව ඔවුන්ට ටැබ් පරිගණක දුන්නොත් එය පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වනු ඇතැයි රජයට අවධාරණය කරන්නේ යැයි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අධ්‍යාපන කටයුතු පහසු කරගැනීමට උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම හොඳ ක්‍රියාවක් වුවත් කිසිදු මගපෙන්වීමක් නැතිව ටැබ් යන්ත්‍ර ලබාදීමෙන් සිසුන්ට පරිගණක දැනුම ලැබෙන්නේ නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව අන්තර්ජාලය යහපත් ආකාරයෙන් භාවිතය හා පරිගණක වැඩසටහන් මගින් එදිනෙදා වැඩකටයුතු සිදුකරගැනීමට සිසුන්ට ඉගැන්විය යුතු යැයි ද එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.
මෙරට පරිගණක ආශ්රිත නව කර්මාන්ත ආරම්භ කිරීමට පරිගණක පිළිබදව දැනුම ඇති ශ්‍රමිකයන් නොමැති වීම බරපතල ගැටලුවක් බව අගමැතිවරයා තණමල්විල ප්‍රදේශයේ පාසැලක උත්සවයකට සහභාගීවෙමින් සිදුකළ ප්‍රකාශය වැරැදි යැයි ද එවැනි ප්‍රකාශ නිසා ජාත්‍යන්තර සමාගම්වලට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය පිලිබදව වැරදි අර්ථකතනයක් සන්නිවේදනය වන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
මෙරට ඉතා දක්ෂ පරිගණක දැනුමක් සහිත ශ්‍රමිකයන් පිරිසක් සිටින්නේ යැයි ද ඔවුන් දැවැන්ත විදේශ සමාගම්වල කීර්තිය දිනාගනිමින් මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට සමත්වී ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.
එම නිසා කිසිවිටෙකත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය කිසිවිටෙක අවතක්සේරු නොකරන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත කතාව කුරුවිටගේ මහතා කියලා තියෙන්නේ, වතුර සහ වැසිකිලි පහසුකම් නැති පාසල් දස දහසකට ආසන්න ගණනක් තියනවා
කොම්පියුටරයක, ෆෝන් එකක බොත්තම් ඔබන එක දැනුම නෙමෙයි. අගමැති කිව්ව කතාව ඈත්ත. ලංකාවෙන් එන බොහෝ ශ්‍රමිකයන්ට පරිගණක දැනුම නෑ. ඒක නිසා ලොකු පඩි ලැබෙන්නෙ නෑ. මේවා පාලනය කරලා දුන්නම හරි. එතකොට කිසිම අනවශ්‍ය දේවල් වලට යොදා ගන්න බෑ. මේකත් හරියට මරන්න පුලුවන් නිසා පිහිය විසිකරන්න කියනවා වගේ වැඩක්.
මේවා ටැබ් දෙන්න යන්නේ කියනකොටම කියන්න ඕනේ ඒවා. දැන් කැබිනෙට් එකත් අනුමත කලාට පස්සේ තමයි කියන්නේ. එතකන් කොහෙද හිටියේ.
මොකක්ද මේ සංගමය? එයාලා ලංකාවේ තොරතුරු තාක්ෂණ සමාගම් කීපයක් ඉන්නා ශ්‍රමිකයො ගැන විතරක් හිතලද කියන්නේ ලංකාවේ අයට හොඳට පරිගණක හසුරුවන්න පුළුවන් කියලා? බිම් මට්ටමේ ආයතන ගණනාවක් තාම දුවන්නේ පරණ ක්‍රමවලට. ඔය සංගමයට යන්න කියන්න බලන්න කොහොමද ග්‍රාමීය බැංකු තාම වැඩ කරන්නෙ කොහොමද කියලා.
මොකක්ද මේ සංගමය? එයාලා ලංකාවේ තොරතුරු තාක්ෂණ සමාගම් කීපයක් ඉන්නා ශ්‍රමිකයො ගැන විතරක් හිතලද කියන්නේ ලංකාවේ අයට හොඳට පරිගණක හසුරුවන්න පුළුවන් කියලා? බිම් මට්ටමේ ආයතන ගණනාවක් තාම දුවන්නේ පරණ ක්‍රමවලට. ඔය සංගමයට යන්න කියන්න බලන්න කොහොමද ග්‍රාමීය බැංකු තාම වැඩ කරන්නෙ කොහොමද කියලා.
එක ඇමති කෙනෙක් එයාගේ බල ප්‍රදේශයේ අයට පරිගණක නොමිලේ දෙන්න යනවා. උසස් පෙලේ ළමයින්ට නොමිලේ ටැබ් දෙන්න යනවා. රටේ පරිගණක දැනුම මදිලු. මේක නැති ප්‍රශ්නයක් පෙන්නලා ඡන්දෙ බලාගෙන කරන වැඩ කියලා තේරෙන්නේ නැද්ද?
නුවන් මහත්තයෝ.. වැසිකිළි ප්‍රශ්න ඉවර කරලා ටැබ් දෙන්න ගියොත් කොම්පුටර් යුගය ඉවරවෙලා ස්මාර්ට් ස්ක්‍රීන් යුගයටත් ඇවිල්ලා තිබේවි... ගල් යුගයේ අදහස් වලින් ඉවත්ව හිතන්න.
කුරුවිටල වගේ අය හිතා ඉන්නේ එයාල විතරයි කොම්පුටර් ඉගෙනගන්න ඕනේ කියල. ටැබ් දීම හොදයි. අනවශ්‍ය වෙබ් අඩවි අවහිර කර ටැබ් යන්ත්‍ර දෙන්න. නිකං මෝඩ කතා කියන්න එපා.