(ආරියරත්න රණබාහු)
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව , විපක්ෂය සහ රාජ්‍ය නොවන සංවිධාන විරෝධය පළ කළත් ඔවුන් එය මර්දනය කිරීම සඳහා දුන් සහය කුමක් දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (01) ප්‍රශ්න කළේය.
යුරෝපා සංගමයද ජී.එස්.පී සහනය නවතා දමන බවට තර්ජනය කර ඇති බව කී ජනාධිපතිවරයා ස්වාධීන රාජ්‍යයකට උදව් කිරීම පිළිගත හැකි වුවත් තර්ජනය කිරීම පිළිගත නොහැකි යැයිද කීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (1) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන යටතේ බස්නාහිර පළාත් සමුළුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගෙන් මේකවත් ඉටුවේවි කියලා බලාගෙන හිටියත් අපේ රටේ මිනිසුන්ට එ්කත් හීනයක් වුණා නේද?
අම්මෝ ඇති ඔයා දුන්නු දේවල්... දැන් ඉතින් ගෙදර ගිහිල්ලා පිනක් දහමක් කරගෙන ධාර්මිකව ඉතිරි කාලය ජීවත් වෙන්න බලන්න.
දැන් ඔබතුමා කරපු එක දෙයක් කියනවද? නිකන් බයිලනේ මහත්තයෝ. ඔයා හැබැයි සංවිධායකකම් නං දුන්නා.. එහෙම චෝදනා තියෙන අයට...
මත්ද්‍රව්‍ය චෝදනාවලට අසුවන්නේ සුලුමිනිසුන්ය. මහාපරිමාණ ජාවාරම්කරුවන් නොවේ. ඔවුනට රාජ්‍ය ආරක්ෂාව නොඅඩුව ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. සුළු මිනිසුන් කොපමණ එල්ලා මැරුවත් ජාවාරම පෙර සේම පවතිනු ඇත. එල්ලා මැරීමෙන් උවදුර පාලනය කල කිසිඳු රටක් ලෝකයේ තිබේද? නැත. එක වසරක් තුල සියගණනක් එල්ලා මරණ ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය උවදුර කොතරම් බලවත්ව පවතීද? ජාවාරම්කරුවන්ට හසුනොවන අවංක පාලකයින් සහ නිලධාරීන් සිටී නම් මෙය දුෂ්කර කරුණක් නොවේ. හසුවන චූදිතයින් සදහටම ජනසමාජයෙන් ඈත් කොට සිරකර තැබිය යුතුය. හැකිවේ නම් පුනරුත්ථාපනය කොට යලි සමාජ ගතකළ හැක. මිනිස් ජීවිත විනාශ කිරීම මේ ගැටලුවට විසඳුම නොවේ. තවද මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමෙන් අපේ මේ කුඩා රටට දරාගත නොහැකි බරපතල ආර්ථික ගැටළු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. එසේම අප මෙතෙක් රැකගෙන ආ කීර්තිනාමය සහමුලින්ම පලුදු වනු ඇත...
කුඩු සල්ලිවලින් තම දේශපාලන ව්‍යාපාරය කරගෙන යන පක්ෂ විපක්ෂ අය කුඩුකාරයෝ එල්ලනවාට විරුද්ධයි. නමුත් ජනතාව බහුතරය පක්ෂයි. එම නිසා ඔබ ජනතාවගේ කැමැත්ත පරිදි ක්‍රියාකරන්න.
ජනාධිපතිතුමනි, ලංකාවේ මිනිස්සුන්ට හැම දෙයක්ම එක සුමානයකින් අමතක වෙනවා. ඒ නිසා ඔය එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න.
මම මත් කුඩුවලට ඇබ්බැහි වුනු තරුණයෙක් දන්නවා, දැන් ඔහුගේ ජීවිතය ගැන තීරණය ගැනීමට ඔහුටවත් හැකියාවක් නැ ඔහු මත් කුඩුවල හා මත් වෙළෙන්දාගේ ගොදුරක් වී හමාරයි. ඔහු මතට ඇබ්බැහි වුවේ මිතුරන්ව විශ්වාස කිරීම නිසා, මිතුරු වෙසින් එන මත් වෙළෙන්දන්ට රැවටීම නිසා. මෙයට සම්පුර්ණ වගකීම ඇත්තේ වැඩිහිටි, දේශපාලක පරම්පරාවේ. මත් කුරු මෙතරම් සාමාන්‍ය ජනතාව අතරට ඒමට ප්‍රධාන හේතුව දඬුවම් නොමැති වීම සහ මත් කුඩු වලට ගොදුරු වන්නා ගැන අනුකම්පාවක් නොමැති වීමයි. අද මේ දරුවා ගොදුරු වුවත් හෙට ඔබේ දරුවා විය හැකියි. වහාම මෙම ව්‍යසනය විනාශ කලයුතුයි.
කුඩු විකුණන අයට වඩා රටේ දරු පරපුර ගැන අප සිතිය යුතුයි. කුඩු විකුන්නොත් එල්ලන්න..
කුලියට ගන්නා ලද සුඛෝපභෝගී ඇලියොන් මෝටර් රථයකින් පැමිණ මින්නේරිය වැව් ඉවුරේ නිවසක් තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු පාසල් සිසුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 09 දෙනකු ඉකුත් 28 දා මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාසල් සිසුන් 3 දෙනෙක් ගේ ජීවිත තව මේ වගේ සිසුන් කීදෙනෙක් අද දවස ඇතුලත මත් රකුසාට නොදැනුවත්වම බිලිවෙයිද ? මේ ජීවිත වලට වගකියන්නේ මරණ දණ්ඩනය දෙන්න එපා කියන අයද ??
ජනපති තුමනි, ඔබ අපිට විශ්වාසයි. ඉදිරියටම යන්න
මේකවත් හරි යයිද යාලුවනේ
කිය කිය ඉන්නේ නැතුව කරලා පෙන්වන්නකෝ