(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොළොන්නරුව නව නගරයේ පිහිටි ඉඩමක බලපත්‍රයක් සකස් කරදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 35,000 ක අල්ලස් ලබාගත් අනුරාධපුර පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර ඉඩම් නිලධාරියා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන්නෙකු බව පොලිසිය පවසයි.
පැමිණිලිකාර කාන්තාවගේ නිවසට පිවිසෙන මාර්ගයේ පිහිටා තිබූ ජල මීටර් කණු කිහිපයක් ඉවත් කර දීමට එම කාන්තාවගේ ඉල්ලීම මත සැකකාර ඉඩම් නිලධාරියා කටයුතු සලසා දී තිබූ බව පොලිස් නිලධාරියෙක් කීය.
දින කිහිපයකට පසු කාන්තාව අමතා තිබූ ඉඩම් නිලධාරියා ඔවුන් පදිංචිව සිටින ඉඩමට බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බව පවසා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස්ගන්න උන්දැලා ප්‍රදේශීය සභාවල ඕනේ තරම් ඉන්නවා. ඉඩම් ප්ලෑන් එකක් ගොඩනැගිලි ප්ලෑන් එකක් අල්ලසකින් තොරව අනුමත කරගන්න බැහැ...
අල්ලස් ගත්ත රජයේ නිලධාරියා ජනාධිපතිතුමා අඳුනනවා නම් බයවෙන්න දෙයක් නැහැ. එහෙම නැතිනම් කාගෙ පිහිටද කියන්න දන්නේ නැහැ...