(ඩයනා උදයංගනී)
වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සෙවීමට ප්‍රසිද්ධියේ සාක්ෂි විමසන ජනාධිපති කොමිසමක් වහාම පත්කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු සිසේරියන් සැත්කමට ලක් කළ බව කියන මව්වරුන්ගෙන් 25%ක්ම පැමිණිලි කර ඇති නිසා එය විභාග කළ යුත්තක්ව තිබෙන බව පෙනෙන්නේ යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.
“වෛද්‍ය ෂාෆි වඳ සැත්කම් කළා කියන්න දේශපාලකයින්ට බැහැ, වගේම සිදු නොකළා කියන්න පොලිසියටත් බෑ. ඒක කියන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරුන්ට විතරයි. රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා ප්‍රසිද්ධියේ අක්කර දහස් ගණනක් කැලේ විනාශ කළ බව ඔප්පු කරගන්න බැරි රටක ෂාෆි ශිහාබ්දීන්, ඇඟ ඇතුලේ තිබෙන පැලෝපීය නාලය විනාශ කර තිබුණත් ඒක ඔප්පු කර ගන්න පුළුවන් වේ යැයි මම හිතන්නේ නෑ. මේ පිළිබඳ සමාජ විශ්වාසය ඇති වෙන්න නම් ප්‍රසිද්ධියේ සාක්ෂි විමසන ජනාධිපති කොමිසමක් වහා පත් කළ යුතුයි. සැත්කමට භාජනය වුණු මව්වරුන්ගෙන් 25%ක්ම පැමිණිලි කළ නිසා මෙහි විභාග කළ යුත්තක් තිබෙන බව පේනවා’’ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකම තමා LTTE හිතවාදී ඩයස්පෝරාවත් කියන්නේ, ලංකාවේ පොලිසිය, අධිකරණය විශ්වාස කරන්න බැහැ කියලා, එ්කට තමා ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලන්නෙත්...
අන්න හරි. ඔබ සහ වීරවංසට පමණයි ඔය ගැන කතාකරන්න පුළුවන්.. මොකද ඔබ දේපල මුසල්මානුවන්ගේ ඡන්ද බලාපොරොත්තු නැතිනිසා...
අනේ ඔය දාලාතියෙන කොමිසම්වලින් සතපහක වැඩක් නැහැ. ඒ නිසා ඔය මුදල් නාස්ති නොකර නිකන් ජනතාවගේ මුදල් කන්නේ නැතිව ඉන්න.
ජනපති කොමිසමකින් වරද කරුවකු බවට තීන්දු කරවා ගත හැකි මුත් දඬුවම් දීමට නම් නැවත පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට ගෙන යා යුතුයි නේද? එවිට අපක්ෂපාතීත්වය පිළිබඳව පැහැදිලිව ඔප්පු කල හැකි වේවිද? මෙතෙක් සිදු වුණා මෙන් රටේ කාලය කා දමන තවත් විහිළුවක්..!
ඒ කොමිසමට විශ්‍රාමලත් නඩුකාර තුමෙක්ද දාන්නේ? අදහසක් දෙන්න ගම්මන්පිල මැතිසඳ...
මෙයා කොටි ඩයස්පොරා සල්ලි අරන් රටේ ආරක්ෂක අංශවල මූලිකම ආරක්ෂක අංශය කරන සේවාව හෑල්ලුවට ලක් කරනවා. ජනාධිපති කොමිසම් වලින් කිසිම දෙයක් මේ වනතුරු වෙලා නෑ. කොටි ඩයස්පෝරා වලට ඕනෑ විදියට රට වනසන මොහු ගැන පරීක්ෂා කළයුතුයි.
පාර්ලිමේන්තු කාරක සභාව වර්ජනය කරේ ඇයි? මොකද රටේ ප්‍රශ්නෙකට විසදුමක් ලැබුනොත් මෙයාල පරාදයි. රෑට හීනෙන් පේන ඒවා උදේට මාධ්‍යට කියන්න නම් ප්‍රශ්නේ දික් ගස්සන්න ඕනි. මේක නොවේද සත්‍ය. ඔය කියන ජනාධිපති කොමිසම පත් කරාට පස්සේ කියයි ඒක ගැන විශ්වාසයක් නෑ. පිළිගන්න බෑ කියලා.
2015 ඉදන් කරන්නේ මාධ්‍ය සාකච්චා තමා.