(මනෝජ් හර්ෂික)
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්රමුඛ අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ලබා ගැනීම සඳහා වසරේ දින 365ම ක්‍රියාත්මක වන දන්සලක් අද (01) සිට අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසළ දී විවෘත කෙරිණි.
ශ්‍රී ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් වසරේ දින 365 ආවරණය වන පරිදි මෙම දන්සල ක්‍රියාත්මක කරන අතර, වන්දනාවේ පැමිණෙන සියලුම බැතිමතුන්ට සතියේ සෑම දිනකම දිවා ආහාරය ලබා ගැනීමේ පහසුව අද (01) සිට බැතිමතුන්ට හිමි වේ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව මෙම දන්සල ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහනේ අධීක්ෂණ කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බෙදන්නේ කාගේ පිඟානටද? තමන්ගේම එකටද? ඒ බෙදිල්ලටනේ ඔයගොල්ලෝ ප්‍රසිද්ධ නේද?
මෙම සත් ක්‍රියාව දළදා මාලිගාව ඉදිරිපිටත් කරන්න කියා මම මහනුවර මා මිත්‍ර ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා.
ස්ථාවරව දිගටම කරගෙන යන්න පුළුවන් වේවා...!!!
බුමුණුආරච්චි මහතා තව ටිකක් හොඳට බැලුවොත් පෙනේවි... බෙදන්නේ කුඩා දරුවෙක් දෑතෙහි රඳවාගෙන සිටින තරුණයෙකුට බව. ඔහු බත් පිඟාන ගැනීමට සූදානම්ව සිටිනවා.
මහඟු පින් කටයුත්තක් බව සිතමි..... මේ උතුම් ක්‍රියාව පිළිබඳ ප්‍රසාදය පල කළ ියලු දෙනාට මගේ ප්‍රනාමය.....
ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් කරනවා කියන්නේ වියදම කොහෙන්ද?
හොද ක්‍රියාවක්
බැතිමතුනුත් පිනටම කාල එන්නේ නැතුව තම ශක්ති ප්‍රමානයෙන් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සදහා ආධාරයක් කරන්න ,