(නිමන්ති රණසිංහ)
ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වී මුරපද වෙනස් කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයකු රුපියල් 10,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය අද (01) නියෝග කළාය.
අත්‍යවශ්‍ය සහ රහසිත තොරතුරු සහිත කිසිදු ජාලයක් වෙත කිසිදු ආකාරයෙන් සම්බන්ධ නොවන ලෙසත්, සාක්ෂිකරුවන්ට බාධා නොකරන ලෙසත් ඇප කොන්දේසි පැනවූ මහේස්ත‍්‍රාත්වරිය, සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද නියම කළාය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ අංක 5, ඒ, වෙලගන, දිවුලපිටිය පදිංචි ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරියකු වන ගුරුබාවිලගේ රොහාන් තිලංග ගුණරත්න නැමැත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ වැරදි තමයි, එ්ත් එකපැත්තකින් බලපුවම මේ අන්තිම කාලේ හොරෙන් හරි ගබඩාවල මුරපද වෙනස්කලාට වරදකුත් නැහැ. නැතිනම් අර එක්කෙනෙකුට වගේ යනකොට ගබඩාවල තියෙන සේරම පුද්ගලික බූදලේ කියල හිතිලා අකුලාගෙන යන්න හිතුනොත්. මම බොරු කියනවා නම් ඔය උඩ පැනපැන මීටිමක කෑගහන වෙලාවක කිට්ටුවෙලා අහලා බලන්නකෝ ගෙදර තියෙන ඇඳ, පුටු මේසවල තියෙන ලාංඡනේ මොකක්ද කියලා... ?
මේ ඔක්කොම අරියාදු කරන්නේ අපේ සිරිසේන මහත්තයාටනේ
දැන් හිතා ගන්න පුලුවන් අරයගේ හැකියාව. ඔහොම පොඩි දෙයක්වත් වලක්වා ගන්න බැරි මනුස්සයා කොහෙද ඉතින් 300 මිනිස්සු බේරගන්නේ.