(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කර සහ පී.ආර්.ගමගේ)
බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාවේ එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කිරීම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මඩුවන්වලදී පැවසීය.
කොළොන්න මඩුවන්වල සාරනන්ද විද්‍යාලයේ ගුරුවරියක වූ එච්.එම්. නිලූකා ජයතුංග මහත්මිය විසින් රචනා කරන ලද ‘ප්‍රායෝගික උඩරට නර්ථනය’ නම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමෙන් පසු, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
චමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
“එල්ලුම්ගහ නැති කළේ බණ්ඩාරනායක මහත්තයා. ඒ මහත්තයා ඝාතනය කරපු වෙලාවේ, නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න අවසර ඉල්ලපු අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විරුද්ධ වුණා. ඒ නිසා එල්ලුම්ගහ නැවත වතාවක් ගේන්න හොඳ නෑ”
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙස ඉල්ලීමක් ලැබුණොත්, එය පිළිගන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් චමල් රාජපක්ෂ මහතා පැවසුවේ එය පක්ෂයේ සහ ජනතාවගේ කැමැත්ත මත සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් ලබන 11වැනිදා පක්ෂ සම්මේලනයේ දී පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා කවුද යන්න ප්‍රසිද්ධ වනු ඇති බව ද ඒ මහතා කීවේය.
භික්ෂුන් වහන්සේලා, විදුහල්පතිවරු, ගුරුවරු, මව්පියවරු සහ පාසල් සිසුහු රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, මිනී මරන්න, හොරකම් කරන්න අයිතියක් තිබුනට, දඬුවම් විදින්න බොහෝ අයට අයිතියක් නැහැනේ?
ජනපති අපේක්ෂකයා ලෙස එන නොඑන එක කොහොම උනත් එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වීම ගැන ස්තුතියි.
අනේ මේ කට පියාගෙන ඉන්න මහත්මයා... අපිට අවශ්‍යයි ඕක. මත්කුඩු, පාතාලය, ළමා ස්ත්‍රී දූෂකයින්ව මෙන්ම මහජන මුදල් කොල්ල කාපු, කන මැති අැමතිවරුන්වත් එල්ලන්න පුලුවන් නම් නියමයි. සිංගප්පූරුවක් කරන්න පුලුවන් වන්නේ එදාටයි.
බමුණාගේ අවධානය පිණිසයි.
මධ්‍යස්ත මත දරන ඔබ තුමා වැනි කෙනෙක් තමයි රටේ නායකත්වයට සුදුසුයි.
එල්ලලා මැරීම එපා කියන අය, දිනෙන් දින තරුණයින් විශාල සංඛ්‍යාවක් අනතුරේ වැටෙන මේ මත් උවදුරට කැමති ඇති. හිරේ ගියපු අයත් ඇතුලේ ඉඳලා කුඩු විකුණන රටක් මේක. අදත් ඉස්කෝලේ උසස් පෙළ කරන ළමයි 3 දෙනෙක් අල්ලලා තිබුනා අයිස් මත්ද්‍රව්‍ය ගනිද්දී. මැරිලා යනකල් දුක් විඳින තත්වයට මේ ළමයි විනාශ කරපු අයට දඬුවම් නැතිද??
මේ කියන හැමෝම බයයි... අවසානේ තැනට කැරකිලා එ්වි කියලා.. අනෙක ළඟම හිතවතුන් ගෝල බාලයෝ එදා සිටම යහමින් කළානේ... බේරාගන්න මොනවා හරි කරන්න එපැයි..
ඒ මොකද?
ඔයාලා අකමැති උනාට මිනිස්සුන්ගෙන් වැඩි හරියක් කැමතී ඒක නිසා නිකන් මිනිස්සුන්ගෙන් බැනුම් නොඅහා පැත්තකට වෙලා ඉන්න.
එතකොට එල්ලුම් ගහ එපා කියන්නේ මධ්‍යස්ත මතයක්ද? මිනී මරුවෙකුට ජිවත් වීමේ අයිතිය දෙන්න මෙච්චර උඩ පනින ඔයාලා රටේ සිද්ධ වෙන අපරාධ අනුමත කරනවද එතකොට? මිනී මැරුම් සහ අනිකුත් දරුණු ගණයේ අපරාධ මේ තරම් වැඩි වෙලා තියෙන්නේ එල්ලුම් ගහ අහෝසි කල නිසාම නෙමෙයිද ? එහෙම ලේසියෙන් අපරාධ කරපු මිනිස්සුන්ව අපි ගෙවන බදු වලින් නඩත්තු කරලා ඒගොල්ලන්ට නිදහසේ රුපවාහිනී නරබමින් කාලය ගෙවන්න ඉඩ දීලා අපි බාගේට මැරිච්ච අය වගේ එයාලගේ බරයි ඔක්කොම සභාවල ඉන්න දෙශපාලඥයන්ගේ බරයි අදිමු ...
ලිච්ඡවි රජ දරුවන්ගේ කාලෙත් රාජ දඬුවමට බුදු හාමුදුරුවොත් විරුද්ධ වුනේ නෑ. ඔය දේශපාලකයන් තමයි අපරාධකාරයන් පිටිපස්සේ ඉන්නේ. ඉතිං කොහොමද ඔවුන්ව එල්ලනවා කියන්නේ? ඕක තමයි රහස... හැබැයි ඔය 225ම එල්ලනවට ජනතාව නම් කැමති වෙයි...
"එල්ලුම්ගහ නැති කළේ බණ්ඩාරනායක මහත්තයා. ඒ මහත්තයා ඝාතනය කරපු වෙලාවේ, නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න අවසර ඉල්ලපු අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විරුද්ධ වුණා." එතකොට සෝමාරාමට 1962 ජූලි 6 ලැබුණු දඬුවම මොකක්ද? මාරු සිරාට 1975 අගෝස්තු මස ලැබුණු දඬුවම මොකක්ද? මෛත්‍රී මහතා පමණක් නොව අඹේපිටිය මහතා ඝාතනය වූ වෙලාවේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත් මරණීය දණ්ඩනය ස්ථාපිත කරන්න බොහොම උවමනා වුණා.
මේ අයට කියන්නේ මධ්‍යස්ත මතදාරීන් නොව වැල යන අතට මැස්ස ගහන අය කියල
පක්ෂයේ අතීත ප්‍රතිපත්ති මතක් වෙන්නේ කොහොමද ඉස්සරින්දා කාපු ආප්ප අමතක වූනකොට.
මේ සම්බන්ධව මා අදහස් පල කරන්නේ නිකන් නෙමේ. කාරණා සොයා බලා ලියන්නේ...
උසාවියෙන් මරණ දඩුවම නියම වුන චුදිතයෙකුට අවසාන වශයෙන් මරණ දඩුවම දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න නීතියෙන් බලය දීල තිබෙන්නේ ජනාධිපති තුමාට , එතුමාට එම තීරණය ගන්න ඉඩ දීල අනිත් පුද්ගලයන් සියල්ල කට පියගේන පැත්තකට වෙලා ඉන්න .