(හර්ෂණ තුෂාර සිල්වා)
ලෝක බැංකුවේ නවතම ආදායම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබෙන අතර ඒ අනුව එක් පුද්ගලයකු මාසිකව උපයන ආදායම ආසන්න වශයෙන් රුපියල් 60,000ක් වනු ඇත.
ජූලි 1 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4,060ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 719,066ක්) දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේදී මෙරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 3,840ක් (ආසන්න වශයෙන් රුපියල් 680,000ක්) විය.
ලෝක බැංකුව ලෝක ආර්ථිකය ආදායම් කණ්ඩායම් හතරක් යටතේ වර්ගීකරණය කරයි. මේ අනුව ඉහළ, ඉහළ මැදි, පහළ මැදි සහ පහළ ආදායම් යනුවෙන් රටවල් ආදායම් කාණ්ඩ හතරක් යටතේ වර්ග කරයි.
රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගනිමින් සෑම රටකම ජූලි 1 වැනිදා මෙම වර්ගීකරණය සිදු කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් සිටියේ පහළ මැදි ආදායම් මට්ටමේය.
ශ්‍රී ලංකාවට මේ වනවිට ජී.එස්.පී. ප්ලස් තීරුබදු ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීමත් සමඟ යුරෝපා සංගමයෙන් ලැබෙන එම සහනය අහිමි වනු ඇත.
ජී.එස්.පී. ප්ලස් සහනය හිමිවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට නමුත් ලෝක බැංකුවේ වර්ගීකරණය අනුව ඉහළ මැදි ආදායම් මට්ටමේ සිටින රටවලට එම සහනය හිමි නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙන්නෙ ලෝක බැංකුවත් පගාවට වැඩ වගෙ හැටදාහක් ආදායම් ලබන කීදෙනෙක් ඉන්නවද දන්නෙ නැහැ. අපිත් දැන් පොසත් රටක් අනෙ ගමට ගිහින් බලන්න මිනිස්සු දුක් විදින විදිහ කොළඹ නෙමෙ සිරිලංකාව ...
කවුද මගේ ඉතුරු සල්ලි අරගෙන ජිවත් වෙන කෙනා?
ඒක ඇත්තනම් අපි තවත් දර්ශකයකින් ඉදිරියෙන් ඉන්නවා, ලෝකයේම විශම ආදායම ව්‍යාප්තියෙන් පලවෙනි තැන. මොකද අපි පස්දෙනෙකුටම 60000/-හොයාගන්න විදින දුක දන්නේ අපි විතරයි !
ඒකත් පුදුම වැඩේ!! ඡන්දෙ ලං වෙනකොට තමයි ලංකාව දියුණු හෝ මැදි අදායම් ලබන රටක් බව ලෝකේ පිළිගන්නේ.
මේක හොද දර්ශකයක් නොවෙයි. ඉලක්කම් විජ්ජාවක් විතරයි. සමහරුන්ට මිලියන බිලියන ගණන් ආදායම ලැබෙද්දී තවත් සමහරුන්ට රුපියල් 6000ක් 7000ක් මාසෙටම ලැබෙන්නේ මුළු රටේම ආදායම මුළු ජනගහනයෙන් බෙදලා ඔය ඒක පුද්ගල ආදායම හැදුවට ඇති නැති පරතරය ඉතා ඉහල ලෙස සමාජය ද්රෙවීකරණයට ලක්වෙලා තියෙනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ රටේ කණ්ඩායමක් අති විශාල වශයෙන් මුදල් ගැවසෙන බවක්. එහෙම නැතිව හැමොටම ඔය කියන ගණන ලැබෙන බව නෙවි. තවත් උදාහරණයකින් පැහැදිලි කලොත් පන්තියේ ළමයිගේ මුළු ලකුණු ගණන ළමයි ගණනෙන් බෙදුවට හොද ලකුණක් ආවත් පන්තියේ ගොඩක් දුර්වල ලමයි වගේම ගොඩක් දක්ෂ ළමයිනුත් ඉන්නවා ඒ නිසා එකෙන් ගුරුවරයා හොදද නැද්ද කියන්න බැහැ
ඕවා ආදායම නෙවේ.. පිටරටින් ගන්න ණය ජනගහනයෙන් බෙදුවම එන උත්තරේ වෙන්න ඇති...
මෙතන ප්‍රශ්නේ අදායම නොවෙයි. අදායම බෙදෙන හැටි තමයි ප්‍රශ්නේ. සමහරු ඩිල් වලින් දවසෙන් දෙකෙන් හම්බ කරන සල්ලි ගොවියෙකුට ජිවිත කලයක්දිවත් හිතන්න බැහැ. අනෙක අපි මහන්සි වෙලා හම්බ කරන සල්ලි රටේ ලොක්කෝ සූරිකනකොට කොහොමද ආදායම ක්‍රමයකට බෙදෙන්නේ???
දන්නේ නැති හින්දා අහන්නේ ඇත්තටම දැන් පිටරට වල ඉන්න අපි කොහෙටද අයිති, අපි මෙහෙ උපයන මුදල් තව කාට හරි බෙදෙනවද මේ ඉලක්කන් සුත්තර වලට අනුව, අපේ සල්ලි අරන් ජීවත් වෙන්නේ කවුද බලන්න ඕන, තරහකාරයින්ටවත් යනවද දන්නේ නැහැ.
ගුරු වැටුප බලපුවම මේක බොරු වෙනවා
ඒක මන්ත්‍රී ආදායම වෙන්න ඇති.
ලෝක බැංකුව හිතාගෙන ඉන්නේ මහබැංකුව මංකොල්ල කාපු ගොයියෝ අපිට සල්ලි බෙදලා දීලා කියලයි...
"එක් පුද්ගලයකු මාසිකව උපයන ආදායම ආසන්න වශයෙන් රුපියල් 60,000ක් වනු ඇත. " ලංකාවේ කීයෙන් කීදෙනාටද 60 000 ක මාසික වැටුපක් තිය්ටෙන්නේ, බලන්න එහෙම බලනකොට මේ 60,000 අඩුවෙන් මුදල් උපයන හැම කෙනෙක්ම වැටෙන්නේ අඩු අදායම් ලාභින්ට ගණයට. එහෙනම් රජයෙන් අඩු අදායම් ලාභින්ට සහන දෙන්න ඕනේ. ප්‍රවාහනයට අයකරන ගාන අඩු වෙන්න ඕනේ, බෙහෙත් වලට, ආහාර වලට, ගෙවල් වලට අය කරන ගාන අඩු වෙන්න ඕනේ සහ රජයට බදු නොගෙවිය යුතයි. එහෙමයි අනෙක් රටවල අඩු අදායම් ලාභින්ට සලකන්නේ.
කවුද මෙහෙම කියන ටොම් පචයා. මටත් බිරිඳටත් දරුවාටත් මසකට ලැබෙන ආදායම 60000/= ට අඩුයි. එය පනස් දාහක්වත් කර ගැනීමට අක්කර භාගයක් පමන තේ සිටුවා ගත්තත් දැනට අප ප්‍රදේශයේ දළු මිල රුපියල් 70ක් පමණවීම නිසා එම පැතුමත් බොඳවුනා. දළු මිළ නැවතත් 2015 කාලයට පෙර තිබූ ලෙසට රුපියල් 40 ට බසීද කියල හිතෙනවා.
මෙය අමූලික බොරුවකි. සාමාන්‍ය සේවකයෙකුට මසකට රුපියල් 60000ක මූලික වැටුපක් ගෙවන ආයතන මොනවාද?
මෙය පට්ටපල් බොරුවක් .මේවා හදන ආර්ථික ඔස්තාර්ලට නම් මෙහෙම පඩි ඇති .රටේ සල්ලි ඔක්කොම සීමිත පිරිසක් අතරෙ තමා රැදෙන්නේ
මගේ ඉතුරු රුපියල් 22000 හොරකං කරපු ලංකාවේ ආන්ඩුවෙ අයද.?
බොරු කියන්න එපා... හැම මනුස්සයාටම රු 60000ක් හම්බෙන්නේ නැහැ...