(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරයි.


ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම හෙවත් “සෝෆා” ගිවිසුමේ ඇතැම් වගන්තිවලින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බවට පළවු මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් පණිවුඩය නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති  ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබෙන අතර එම ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වෙයි.

“මේවා වැරැදි තොරතුරු. ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැසුමක් හෝ වුවමනාවක් නැහැ. සාකච්ඡා පැවැත්වෙන මෙම යෝජිත ගිවිසුමේ එකම අරමුණ සහයෝගය සැපයීම පමණයි. ඒ වගේම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සම්පූර්ණයෙන් ගරු කරනවා”යැයි එහි දැක්වේ.