තෙවරප්පෙරුමට ඇප හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය. 16 September 2019
ලෝටස් පාර වහයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. 16 September 2019
තංගල්ල නගර සභාව උණුසුම් වෙයි තංගල්ල නගර සභාවට අයත් කඩ කාමරයක් සඳහා නීතිමය පියවර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එහි බදු ගිවිසුම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමේදී සභාපති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධනයේ හිටපු සභාපති අනිල් සෙල්ලාහැන්නදි මහතා අතර අද(16) පැවැති සභාවාරයේදී බහින්බස් වීමක් ඇති විය. 16 September 2019
ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට ඇදහැලූණු මහ වැසි හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මටට්ම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 16 September 2019
අගමැති කොමිසමෙන් පිටව යයි පැය එක හමාරක පමණ කාලයක් සාක්කි ලබා දීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් පිටව ගියේය. 16 September 2019
නාය යාමේ අවදානමකින් සොරණතොට පවුල් 80ක් ඉවත් කෙරේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුට්ටියගොල්ල ග්‍රාම නිළධාරි වසමේ නාගොල්ල ගම්මානයේ නායයාමේ අවදානමක් මතුවීම නිසා එම ගම්මානයේ පදිංචි පවුල් 24කට අයත් සාමාජිකයින් 80 දෙනෙකුට අද (16) එම නිවාසවලින් ඉවත්වීමට උපදෙස් ලබාදී ඇතයි බදුල්ල පොලීසිය පවසයි. 16 September 2019
ගිංගඟ පිටාර ගලයි ගිංගගේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඉකුත් පැය 24 තුළ ඇදහැලුණු මහ වැසි නිසා ගිංගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගලමින් ඇතැයි ගාල්ල ගිංගග භාර ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පැවසීය. 16 September 2019
අගමැති ජනපති කොමිසමට එයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණියේය. 16 September 2019
හංවැල්ලේ වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට හංවැල්ල ඇඹුල්ගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු වෑන් රථයක් හා යතුරුපැදියක් සමඟ තලවතුගොඩ දී අද (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 16 September 2019
දිස්ත්‍රික් 4 කට නායයෑමේ අවදානමක් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 16 September 2019
නෙළුම් කුලුනේ දොරටුව අද ඇරේ දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරේ. 16 September 2019
‘‘කාශ්මීර අර්බුදය න්‍යෂ්ටික යුද්ධයකට මුල විය හැකියි‘‘ කාශ්මීර අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අවධාරණයෙන් ඉල්ලීය. 15 September 2019
හංවැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හංවැල්ල පරණ පාර ඇඹුල්ගම හංදියේදී අද (15) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 15 September 2019
රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කොමිසමෙන් අනතුරු ඇඟවීමක් ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම්වලට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට ඝෘජුව හෝ වක්‍රව හෝ ආධාර අනුබල ලබාදෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට මැතිවරණ කොමිසන් සභාව අනතුරු අඟවා තිබේ. 15 September 2019
‘‘අල්ලස් දූෂණවලට දඬුවම් ලබන්නේ සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයින්‘‘ අල්ලස් දූෂණවලට සම්බන්ධ වන ඉහළ නිලධාරීන් දඬුවම් වලින් බේරී සිටින බවත් සාමාන්‍ය මට්ටමේ රාජ්‍ය සේවකයන් දඬුවම්වලට ලක් වන බවත් අල්ලස් පාලනය කිරීම සඳහා ඇති එකම මාර්ගය දූෂිත නිලධාරීන්ට දඬුවම් කිරීම පමණක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 15 September 2019
දක්ෂිණ අධිවේගීයේ ගමනා ගමනය යථා තත්ත්වයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සකසා ඇතැයි අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය කියයි. 15 September 2019
දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්න ප්‍රදේශයේ දී අද සවස වාහන 6 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇතැයි පොලීසිය කියයි. 15 September 2019
අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට තමා ප්‍රකාශ කළැයි ද ඒ සියළු කරණා සළකා බලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ජනපතිවරණ අපේක්ෂකයා නම් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ අද (15) පැවැසීය. 15 September 2019
ජනාධිපතිවරණය නිරීක්ෂණයට 3000 ක් ඉදිරි ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ අරමුණෙන් පුරවැසි නිරීක්ෂකයන් 3000 ක් සම්බන්ධ කරගන්නා බව ඒෆ්‍රියල් තරුණ ජාලය සඳහන් කරයි. 15 September 2019
‘කෝප් නිර්දේශ නොතකන්නන්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතුයි’ දූෂණ වංචාවලට එරෙහිව පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි එම කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය. 15 September 2019
මුදල් ඇමැතිගෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්ට නියෝගයක් මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව ඉකුත් කාලයේදී සුරාසැල් බලපත්‍ර 84ක් අලුතින් නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ. 15 September 2019
‘මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා‘ කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 15 September 2019
’ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා’ ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අභියෝගයට ලක් කිරිමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (15) පැවසීය. 15 September 2019
ශාන්ත බණ්ඩාරගේ නම ගැසට් පත්‍රයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු හිස්වූ මන්ත්‍රී ආසනය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජික ශාන්ත බණ්ඩාර මහතාගේ නාමය මැතිවරණ කොමිසම විසින් අද (15) ගැසට් කර තිබේ. 15 September 2019
දරුවන්ට දුම්වැටි විකිණූ වෙළෙඳුන් 10කට නඩු බුත්තල ඔක්කම්පිටිය පොලිස් වසමේ බාල වයස්කාර දරුවන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳුන් දසදෙනෙකුට විරුද්ධව අද (15) නඩු පැවරීමට කටයුතු කළ බව ඔක්කම්පිටිය පොලීසිය පවසයි. 15 September 2019
ශ්‍රීලනිප සාමාජිකත්වය තහනම් කළ මන්ත්‍රීවරු සිව්දෙනා නඩු මඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එ.ජ.නි.ස පත්කළ මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා හා එස්.බී දිසානායක යන මහත්වරුන් තීරණය කර තිබේ. 15 September 2019
ඔසාමාගේ පුතා ඝාතනය කළ බව ට්‍රම්ප් කියයි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ඇමරිකාව විසින් සිදුකළ මෙහෙයුමකදී ඝාතනය කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. 15 September 2019
පොලිස් ලොක්කන් 64 කට මාරුවීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙෙදනකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට, පොලිස් අධිකාරීවරුන් දෙදනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකුට සහ සහ පොලිස් පරීක්ෂකවරු 33 දෙනකු සඳහා ස්ථානමාරුවීම් ලබා දී තිබේ. 15 September 2019
පිපිරීමෙන් තුවාල ලැබූ කාන්තාවන්ගේ තත්ත්වය බරපතලයි දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ නිවසේ සිදුවූ පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. 15 September 2019
රත්නපුරට-බලන්ගොඩට නාය යාමේ පූර්ව නිවේදන නිකුත් කරයි පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා රත්නපුර සහ බළන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක නායයාමේ අවදානම් කලාප ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. 15 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026