IMG-LOGO

ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 9,000 ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,851ක් ලෙස දැක්විණි.

අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන ද අද දිනයෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 273ක් ලෙස සටහන්ව තිබිණි. මේ අනුව ඉන්දියාවෙන් අද (5) පස්වරු 2.30ට වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2,26,770ක් ලෙස දැක්වුණු අතර එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 6,348ක් විය.

ඉන්දියාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 9,000ක් වාර්තා වූ දෙවැනි දිනය අද දිනය වූ මුලින්ම ආසාදිතයන් 9,000ඉක්මවමින් වාර්තා වූයේ පෙරේදා (4) ය.

මේ වනවිට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාව යි. ලොව හත්වැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 1,09,462ක් වන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 1,10,960කි.

ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ එරට වාණිජ අගනගරය පිහිටි මුම්බායි නුවර අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 77,793දෙනකු හඳුනාගෙන තිබිණි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 27,256 දෙනකු වාර්තා වී තිබිණි.

දිල්ලියෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ ගණන 25,004කි. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 18,584කි.

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 9,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 132 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 405 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site