(නයනජිව බණ්ඩාර)
මොණාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලෑවක සැඟව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය කළ වෙඩි තැබිමකින් එම සැකකරු අද(06) දහවල් මියගොස් තිබෙි.
මෙම වෙඩිතැබිමෙන් මියගොස් ඇත්තේ තෙනගල්ලන්ද.මාරාව,ඉත්තැකටුව ලිපිනයේ පදිංචිව සිටි කෝණාර මුදියන්සේලාගේ චමින්ද කුමාර යන අයයි.
මෙම සැකකරු යුද හමුදාවෙන් පැනවිත් සැගව සිටි අයෙකු බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා යාල ජාතික වනෝද්‍යානයට මායිමිව ඇති කහම්බාන රක්ෂිත කැලයේ සිදුකල පොලිස් මෙහෙයුමක් අතරදි මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
මෙම සැකකරු ඉකුත් මැයි මස 31 දින රාත්‍රි 8.30ට පමණ මොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි දිසානායක මුදියන්සේලාගේ සෝබිත දිසානායක යන අයට පෞද්ගලික ආරවුලකට වෙඩිතබා ඝාතනය කර තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝයදාට මැරෙන අය සීඝ්රගාමීව, දිව්‍යලෝකය බලා පිටත් වෙනවයි.. කියලා අපි අහලා තියනවා.
බොහොම හොඳයි...
හමුදාවෙන් පැන මිනීමැරුමක්ද කොට වනයේ සැඟවී සිට පොලිස් වෙඩි පහරින් නසී. හමුදාවෙන් පැන්න බොහෝ දෙනා මැර කල්ලි හා සම්බන්ධව සිට බොහෝ අපරාධ කළ බව හා කරනා බව ප්‍රසිද්ධ රහසකි. මේ ගැන හමුදා කිසිදු වගකීමක් ගන්නා බව නොපෙනේ. ඒ සම්බන්ධව ප්‍රායෝගිකව හමුදා නායකත්ව කටයුතු කරනවා වෙනුවට තම සාමාජිකයින්ට සිවිල් සමාජයේ මිනී මරන්නට, පාතාලයට බැඳී රට වනසන්නට හමුදා නායකයන් ඉඩ සලසා ඇත. පාතාලයට පැන ආ හමුදා භටයන් බැඳීම ගැන, මිනී මැරීම ගැන ප්‍රථමයෙන්ම වගකිවයුත්තේ හමුදාවයි. නොඑසේ නම්, තමන්ගෙන් අවි පුහුණුව ලබා පලාගොස් රට වනසන භටයින්ව මෙසේ රක්ෂා කරන්නේ ඇයි? මෙයට නිසි ක්‍රමවේදයක් හමුදා සතුව නොමැත්තේද?...
ඉඳලා හිටලා හරි හොඳ ප්‍රවෘත්තිත් අහන්න ලැබෙනවා. හොඳයි.. මේවගේ වුන්ට එහෙම තමයි කරන්න ඕනෑ.