27 වැනිදා අලුයම 5 ට සීගිරිය විවෘත කරයි ලෝක සංචාරක දිනය නිමිතිකර ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම 5 ට සංචාරකයන්ට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ . 18 September 2019
තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කෙරේ ‘ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය’ මෙම මස 28 වැනිදාට යෙදී ඇති අතර ඒ නිමිති කරගනිමින් ඉකුත් 15 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා මාසය ‘තොරතුරු මාසය’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ. 18 September 2019
සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි සහරාන්ගේ කල්ලිය විසින් අම්පාර ඔලුවිල පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගයක් අද (18) සොයා ගනු ලැබීය. 18 September 2019
තාවකාලික, අනියම්, කොන්ත්‍රාත් සේවකයින්ට ස්ථිර පත්වීම් සඳහා අනුමැතිය රාජ්‍ය ආයතන සදහා තාවකාලික, අනියම් (දෛනික) , ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 18 September 2019
කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පිලිපනී කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (18) දුම්රියක් පීලි පැනීමෙන් එම මාර්ගයේ ධාවනය වූ දුම්රිය රැසක් ප්‍රමාදව ධාවනය වූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි. 18 September 2019
ආසියා ශාන්තිකර කලාපයේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටු සභාපති ධූරය ලංකාවට එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසමේ අන්තර් රාජ්‍ය උපදේශක කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව ඇත. 17 September 2019
විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක සැසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී අද (17) පස්වරුවේ පැවැත්විණි. 17 September 2019
ලක්ෂ 2 ක මාසික දීමනාව යළිත් වරක් ප්‍රතික්ෂේප කෙරෙයි සංවර්ධන කමිටුවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාව අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇත. 17 September 2019
රජයේ විධායක නිලධාරීන්ට විශේෂ දීමනාවක් ගෙවීමට යෝජනාවක් ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා රුපියල් 15,000 සිට 50,000 දක්වා මාසික දීමනාවක් ගෙවීමේ යෝජනාවක් අද (17) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. 17 September 2019
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රතිතස්ත පනතක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව ප්‍රතිතස්ත පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. 17 September 2019
ගාමිණී ජයවික්‍රම ජනපති කොමිසම හමුවේ සාක්කි දෙයි මහපොළ අරමුදල සතුව තිබූ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය බදු ගිවිසුමකින් පෞද්ගලික සමාගමට පවරන අවස්ථාවේදී එම ගිවිසුමේ වැරදි තිබුණේ නම් එවකට අරමුදලේ සභාපති වශයෙන් සිටි හිටපු අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතාට එහි අඩුපාඩු පෙන්වා දිය යුතුව තිබූ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. 17 September 2019
වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය නෑ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ කිසිඳු වෛද්‍යවරයකු සහභාගී නොවන බව එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 September 2019
ශ්‍රී ලන්කන් සමාගම ගොඩගන්න කැබිනට් රැස්වීමේදී අදහස් ඉල්ලයි දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගොඩනැගීමට යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගෙන ඉල්ලීමක් කර ඇත. 17 September 2019
‘‘බලයට පත්වී වසරක් යන්නට පෙර අලුත් ව්‍යවස්ථාවක් ගේනවා‘‘ බලයට පත්ව වසරක් යන්නට මත්තෙන් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිසැකවම ගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අද (17) ප්‍රකාශ කර තිබේ. 17 September 2019
අනුෂ පැල්පිට ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදුකළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත වන අතර ‘ඒඑල්අයිටී‘ සමාගමට කිසිම අවස්ථාවක එවැනි මුදලක් ගෙවා නැතැයි අවධාරණය කරන බව විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 17 September 2019
ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ප්රශ්නය විසැදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුප් ප්රශ්නය විසදීමට අදාළ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (17) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලැබු බව වාර්තා වේ. 17 September 2019
හිස්බුල්ලාත් - පුතාත් කෝප් කමිටුවෙන් කට්ටි පනිති මඩකලපුව විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ හීරා පදනමේ ප්‍රධානීන් වන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට අද (17) දිනයේදී කැඳවා තිබුණ ද ඔවුහු ඒ හමුවේ පෙනී නොසිටියහ. 17 September 2019
බද්දේගම ප්‍රා. සභාපතිට ඇප බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරන්ගොඩ මහතාව රුපියල් විසිපන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (17) නියෝග කළේය. 17 September 2019
ලෝටස් පාර වහයි ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. 17 September 2019
චීන දූත පිරිසක් ලංකාවට මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික චෙන් මයිනර් මහතා ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සඳහා අද (17) කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ. 17 September 2019
නඩු අහන අතරේදීම සිම් 9 ක් සැඟවූ දුම්කොළ පාර්සලය සැකකරු අතට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදුවන අතරතුරදී දුරකතන සිම් කාඩ්පත් නවයක් සහිත දුම්කොළ පාර්සලයක් සැකකරුවකුට දී තිබේ. එහෙත් මෙම දුම්කොළ පාර්සලය සැකකරුට දෙන අවස්ථාවේදීම අදාළ තැනැත්තාව කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 17 September 2019
සංස්කෘතික සේවකයන්ගෙන් තර්ජනයක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවක ඉල්ලීම් දින 14 ක් ඇතුළත විසඳාලීමට සංස්කෘතික අමාත්‍යංශය අපොහොසත් වුවහොත් එම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන සියලූ රාජ්‍ය උත්සව සංවිධානය නතර කිරීමට එහි සේවක සංගම් තීරණය කර ඇත. 17 September 2019
නෙළුම් කුලුන සෑදීමේදී වංචාවක් වී ඇත්නම් කෝප් කමිටුව හරහා ක්‍රියාමාර්ග ගතයුතුයි නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් කෝටි 200 ක වංචාවක් වී ඇති බවට ජනාධිපතිවරයා කළ චෝදනාව සම්බන්ධයෙන් කෝප් කමිටුව හරහා පරීක්ෂණයක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 September 2019
දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සභාපති සහ ලේකම්වරයා විසින් අද(17) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාරදෙන ලදී. 17 September 2019
හිටපු පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි තමන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 13 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. 17 September 2019
නිශ්ශංක සේනාධිපති නැතුව නඩු විභාගය ඇරැඹීමට යයි ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොමැතිව නඩුව විභාගය ආරම්භ කිරීමට සුදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (17) දැනුම් දුන්නේය. 17 September 2019
දිස්ත්‍රික්ක 7ක ඩෙංගු පැතිරයාමේ අවදානමක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 7ක ඩෙංගු උණ රෝගය තදින් පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. 17 September 2019
ලංගම වර්ජනයට ඩිපෝ 70 ක් එක්වෙයි ලංගම රියදුරු කොන්දොස්තර, කාර්මිකයින් ඇතුළු සියලු කාර්යාල මණ්ඩල සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) වන විට ලංගම ඩිපෝ 70 කට වැඩි සංඛ්‍යාවක් එක්ව ඇතැයි ලංගම ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පැවසීය. 17 September 2019
හංවැල්ල ඝාතනයේ ගිනි අවිය නවගමුවෙන් සොයාගනී හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී පාතාල සාමාජිකයකු ඝාතනය කිරීමට යොදාගත් බවට සැකකරන ගිනි අවිය නවගමුව ජයමාවත ප්‍රදේශයේ කැලෑ රොදක තිබී අද(17) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 17 September 2019
දෙමටගොඩ පස්මහල් නිවසක ගින්නක් දෙමටගොඩ ආරාමය පාරේ පස් මහල් නිවසක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව පොලිසිය කියයි. 17 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026