(විනීතා එම් ගමගේ)
මහර බන්ධනාගාරයේ දී ඉකුත් මැයි 3 වැනිදා පැනයන්නට තැත්කරද්දී මියගිය බව පවසන තරුණයා, බන්ධනාගාරය තුළ දී පහර දීමෙන් මියගිය බව වාර්තා වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් අද (08) චෝදනා කළේය.
මේ වනවිට ඔහුට පහර දුන් බව ඇසින් දුටු සාක්ෂි තමන් සතුවඇති බවත් ඒ නිසා අධිකරණමය ක්‍රියා මාර්ගවලට යාමට බලාපොරොත්තු වන බවත් නන්දිමාල් මහතා කීය.
මියගිය සිරකරුට පහර දෙනු දුටු සිරකරුවෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙනුවෙන් එහි සභාපති නිතිඥ සේනක පෙරේරා මහතා මහර බන්ධනාගාරයට ගිය නමුත් ඒ සදහා ඔහුට අවසර දී නැතැයි ද මේ නිසා මෝසමක් ඉදිරිපත් කර අධිකරණය හරහා පොලිසියට එකී සිරකරුගෙන් ප්‍රකාශයක් ගන්නට අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
සුදේශ් නන්දිමාල් මහතා මේ අදහස් පළ කළේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මඟින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ නන්දිමාල් මහතා මිනිස් වාසයට නුසුදුසු ගොඩනැගිලි සහිත බූස්ස බන්ධනාගාරය දරුණු අපරාධකරුවන් සදහා පමණක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ද සැක සහිත බව කියා සිටියේය.
මේ වනවිට එහි ආරක්ෂාව ස`දහා යැයි පවසමින් යොදවා ඇති විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර ඇතුළට පවා යන බවත් එය නීති විරෝධී කටයුත්තක් බවත් කියා සිටියේය.
මේ සුදානම් වන්නේ දරුණු ගණයේ අපරාධකරුවන් යැයි කියා වෙන් කර බූස්ස බන්ධනාගාරයේ හුදකලා කරමින් හිතා මතා යමක් කරන්නදැයි සාධාරණ සැකයක් මතුවන බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.
මහර බන්ධනාගාරයේ දී මියගිය තරුණයා ගේ මව්පියන් ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා ද මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන රුකී ප්‍රනාන්දු මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වී සිිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් අපූරු වැඩපිළිවෙළක්... සිරකරුවන්ගේ දුක සෙව්වාට කමක් නැහැ. ඒත්, මේ අතරට ඇතුළත්වන මිනීමරුවන්, මංකොල්ල කරුවන්, කුඩුරජුන් හා කුඩ්ඩන් අාදීන්ටත්, මෙසේ සලකනවාද? දැන් වැරදි කරලා හිරේ යන්නට මිනිසුන් බිය වෙන්නේ නැහැ. ඇයි ඔවුන් වෙනුවෙන් සටන් වදින්න කොටසක් ඉන්නවනේ.. විනිසුරුවරුන්, අධිකරණ, පොලීසිය අවශ්‍ය නැහැ. ඇතුළේ ඉඳන් කුඩු බිස්නස් කරනා හැටි, පාතාලේ රජකරවන හැටි සිතන්න මේ මිනිසුන්ට ඔළු නැති හැටි. මානම් මෙය දකින්නේ, නීතියේ දෙව්දුව පාලනය කිරීමට සැරසීමක් ලෙසයි. රටක ආරක්ෂා කරගත යුත්තේ නිවැරදි යුක්තිගරුක ජනතාවයි. ඔවුන්ට හිරිහැර කොට හිතේ යන අය වෙනුවෙන් මානව හිමිකම් අංශ... ඒ තරුණයාට අසාධාරණයක් වුණානම්, ඒ සඳහා වෙනත් නීතිමය විකල්ප තිබෙනවා. ඒවා නොතකා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවක් අටවාගෙන. මෙය නම් රටේ යහපතට අටවා ගත්තු විකාර මඟුලක්. කුඩු කරුවන්, පාතාලයන්, හොරුන් ඇතුළු සියලු අපරාධ කරුවන් හුරේ.. දානවා සිකුරුයි...
මෙම සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානය තනිකර පෙනී සිටින්නේ නමගිය පාතාල අපරාධකරුවන් වෙනුවෙනි. කරුණාකර මෙම සංවිධානයේ සිටින නම සඳහන් පුද්ගලයා පිළිබඳ හොදට හොයාබලන්න.
සිරකරුවන්ගේ අයිතීන් සුරකින්න හදන කවුරු වුණත් සමස්ත නීති ගරුක සමාජයටම එරෙහිවන්නන්. මොකද බන්ධනාගාර ගත වන්නේ සිල් අරගෙන මල් පූජා කරන්න ගිය අය නොවන නිසා...
මේ සංවිධාන යැපෙන්නේ කුඩ්ඩන්ගේ සල්ලි වලින්. කුඩ්ඩන් එල්ලුම්ගස් යවන එක නවතා ගන්න NGO බැලයින්ට වියදම් කලෙත් කුඩ්ඩන්...
රාජ්‍ය නොවන සංවිධාන පරිපාලනයට පත්කර ඇති බලධාරීන් වෙතටයි .! කරුණාකර මෙම සංවිධානයේ මූල්‍යමය කටයුතු සියලු නිර්නායනයන්ට යටත්ව විගණනය කරන්න. මෙරට අහිංසක ජනතාවගේ රීරිමාංශවලින් ප්‍රසිද්ධිය ලබාගන්න හදන අයව නීතිය ඉදිරියට පමුණුවන්න...
අප හරි ආසයි මේ " සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව " නමැති ටකරන් මඩුවෙන් යැපෙන අයගේ පැටිගිරිය දැන ගැනුමට.. මොකද පළමුව මෙම තක්කඩි රාලගේ ගිණුම් පරීක්ෂා කිරීම වැදගත් වන අතර මෙම ජීවන තත්වයද හොඳින් බැලීමෙන් කව්රුන් වෙනුවෙන්, කාගේ කුඩු සල්ලි වලින්ද මේ කෑමොර දෙන්නේ යන්න පැහැදිලි වනු ඇත. අප ඍජුව මෙම කමිටුවේ අයගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. නුඹලා සිරකරුවන්ගේ ම්ලේච්ඡ ක්‍රියා නිසාවෙන් අගතියට පත් වෙච්ච අහිංසක මිනිසුන් වෙනුවෙන් මොනවද කියන්නේ යන්න.. සිරකරුවන් නමැති තොත්ත බබාලා ගැන මෙතරක් " ඌරු කදුළු "සලන්නේ නම් නුඹලා එම සිරකරුවන් නිසා විනාශ වෙච්ච අහිංසකයන් පිළිබඳව" සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අය සතුටු වන්නේද ?
සිරකරුවොත් මනුෂ්‍යයෝය කියන කාරණය මේ කමෙන්ට් දමන අයට අමතක වෙලා. මේ ඔක්කොම බොදුනුවෝ වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ වගේම මේ අයගේ පවුල්වල අය කිසිම ආකාරයකින් වරදක් නොකරන, වැරදිලා හරි වරදක් නොකළ කවදාවත් වරදක් නොකරන සර්ව සම්පූර්ණයෙන්ම නිවැරදි අයවලුන් වෙන්නත් ඕනේ මෙහෙම කියන්න. අර කිසිම මරණයක් නොවුන ගෙයකින් අබ අහුරක් සොයාගෙන එන්න බුදු හිමියන් කිව්වා කියන කතාවේ නව ප්‍රවේශය...
පාතාලේ ඇතුලේ ඉන්න මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින්, හොරොයින් ජාවාරම්කරුවන් වෙනුවන් කතා කරන්න සමාජය පස්ස ගහනවා. අන්න ඒ වෙනුවෙන් කතා කරන්න, ඔවුන්ව ආරක්ෂා කරන්න, ඔවුන් බන්ධනාගාරය තුළ ඉඳන් පාතාලය මෙහෙයවන දුරකථනය අත්අඩංගුවට ගැනීම නතරකරන්න මුදල් ගෙවා ලබාගත් ආයතනයේ නාමය තමයි "සිරකරුවන් සුරැකීමේ සංවිධානය". කෝ මේ අපරාධකාරයන් නිසා අගතියට පත්වෙන අපි වෙනුවෙන් මේ එක සංවිධානයකවත් පෙනී සිටිනවද? අර හිරේ හිටිය කන්චිපානේ ඉම්රන්ගේ ෆෝන් එක STF ඇල්ලුවා විතරයි ඔන්න "සිරකරුවන් සුරැකීමේ සංවිධානය". සංවිධානේ කරලියට අවා. මේ සංවිධානෙන් කරන්නේ සිරකරුවන් යහමග යැවීම නෙවෙයි, ඔවුන්ව ආරක්ෂා කිරීම, එ්ත් මේ ගොල්ලන්ට අමතවෙලා අපි 63 ලක්ෂයක් එකතුවෙලා අපේම ආරක්ෂකයා විදියට "ගෝඨාව" පත්කර ගත්ත කියලා. බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොකද කියලා...
සිරකරුවන්ද මිනිසුන්ය. වැරදි නොකර හිරේ ගිය අයද මේ අතර සිටියි. ඒ නිසා නිතිය කාටවුනත් හරියට ක්‍රියාත්මක වියයුතුයි. එහෙම කෙනෙක්නව මැරුනොත් පව්. නමුත් සමාජයට පිලිලයක් වුනු නමගිය පාතාලකරුවන් නම් කෙසේ මියගියත් ජනයාට ගැටළුවක් නැත කියන එක තමයි ඇත්ත කතාව.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කියා කමිටු අටවාගත්තු මෙවැනි අය නිසා අපේ රට මිනීමරුවන්ගෙන්, පාතාලයෙන්, කප්පන්ගන්න අයගෙන්, කුඩ්ඩන්ගෙන් බේරගන්නවා බොරු. රටට අහිතකරන මෙවැනි කමිටු තහානම් කලයුතුයි.
බළලා මල්ලෙන් එලියට පැනලා තියෙන්නේ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කියා කමිටු අටවාගත්තු මෙවැනි අය නිසා අපේ රට මිනීමරුවන්ගෙන්, පාතාලයෙන්, කප්පන්ගන්න අයගෙන්, කුඩ්ඩන්ගෙන් බේරගන්නවා බොරු... මොවුන් යැපෙන්නේ කුඩු මුදලාලිගෙන් වහාම අත්අඩංගුවට ගන්න ආයුධ පෙන්නන්න එක්කන් යන්න සමාජද්රෝහීන්...