(පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ධූරයෙන් ඉවත් කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා නැවත එම තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් අද (8) පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ .
පැයකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාවයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාට සහාය පළ කරන අධ්යක්ෂවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමග සුළු සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ හෙද නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ .
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට අසත්‍ය චෝදනා එල්ල කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීම අසාධාරණයක් බවත් එය වීරබණ්ඩාර මහතාට විරුද්ධ දේශපාලන පක්ෂ කීපයකට සම්බන්ධ සුළු පිරිසකගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවටත් විරෝධතාකරුවන් චෝදනා කළහ .
වඳසැත්කම් සිද්ධිය සමිබන්ධයෙන් චෝදනා ලැබ සිටින ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුවේ පැමිණිළි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින වීරබණ්ඩාර මහතා රෝහල් අධ්යක්ෂ ධූරයෙන් ඉවත් කිරීම එම නඩුවට එල්ල වන ප්‍රබල බලපෑමක් බවද ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට සහාය දක්වන පිරිසක් මෙම ස්ථාන මාරුව පසුපස සිටින බවටද ඔවුහූ චෝදනා කළහ .
මෙම විරෝධතාව හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවාවන් වලට බලපෑමක් එල්ල නොවීය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා දේශපාලන ඉත්තෝ වුණාම, රෝහලේ සේවය කරන අනෙකුත් සෞඛ්‍ය සේවක සේවිකාවොත් ඉබේටම දේශපාලන ගොදුරු බවට පත්වෙනවා. සෞඛ්‍ය සේවයට හා රෝහලට ඉතින් දෙයියන්ගේම පිහිටයි.
මෙම විරෝධතාව හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර සේවාවන් වලට බලපෑමක් එල්ල නොවීය. මේ අය අතිරික්ත සේවකයෝනේ බලන් ගියාම. දුෂ්කර පැතිවලට මේ පිරිස යැව්වා නම් මුදල් අපරාධයක් වෙන්නේත් නෑ...
රෝහලට දේශපාලනය සහ ජාතිවාදය ගෙන ඒමේ ඵලවිපාක අපි දැන් හොඳට බුක්ති විදිනවා...
මෙහෙමත් පොහොට්ටුවෝ. සුව සේවයට අබ සරණයි. දේශපාලන පක්කලිකම්වලට මෙහෙම අයත් මේ තරමට යටවෙයි කියලා කොහොම හිතන්නද? ගම්වල කඩපිල්ගානේ රස්තියාදුවෙන මෝඩ කසිප්පුකාරයින්ටත් අන්ත හැසිරීමක්. විමලේ කොල්ලගේ එහෙමත් නැතිනම් ගොම්මන්පිලලගේ හෙන්චයියන් වගේ...
ගරු, ජනාධිපතිතුමෙනි, මේ රටේ ඉන්න දොස්තරලා ඉවත් කරන්න. පිටරට වෛද්‍ය විද්‍යාල වලින් MBBS උපාධිය අරගත්ත උගත්, බුද්ධිමත් පිරිසක් පිටරටවල ඉන්නවා. කැමති නම් ඔවුන්ව ලංකාවට කැඳවා ගන්න. එසේ නොමැති නම්, ඔවුන්ගේ වටිනාකම හඳුනන විදේශ රටවල් ඕනෑතරම් තියනවා. මුදල් පසෙක තබා, ලංකාවේ වෛද්‍ය මාෆියාව විනාශ කිරීමේ සංකල්පය පෙර දැරිකරගෙනයි, මේ යෝජනාව කලේ... තීරණය ගරු, ජනාධිපතිතුමාට භාරයි.
මුලින්ම මේ සරත් මහත්තයා අස් කරන්න කියල උද්ගෝෂණය කෙරුවා. ඊට පස්සේ දාපු මුස්ලිම් අධ්‍යක්ෂක අස් කරන්න කියලා ඊට පස්සේ උද්ගෝෂණය කෙරුවා. දැන් නැවත සරත් මහත්තයා දෙන්න කියලා උද්ගෝෂණය කරනවා. මේවා බලන් ඉන්න මිනිස්සුන්ට පිස්සු හැදෙනවා.