( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ලබන 15 වැනිදා සලකා බැලීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08) නියෝග කළාය.
සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ,උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මෙම පැමිණිල්ල අද (08) කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒක පාර්ශවීය ලෙස පැමිණිල්ල සලකා බැලීම විනිසුරුවරිය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පැමිණිල්ල සලකා බැලීම ලබන 15 වැනිදාට කල් තැබිණි.
පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක‍්‍රාම් මොහොමඞ් මහතා පෙනී සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත නීතීඥ නියෝමාල් පැල්පිට මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය සහ ඔවුන්ට ලැබී නොමැති බව කියමින් උසාවි යන්නේ කුමටද? මොවුන්ට ලිපි ලැබී ඇති බව මෙයින් පෙනී යනු ලැබේ.
කොසොල් රජුගේ සිහිනය මෙන් බැසිල් රාජපක්ෂගේ සිහිනය මේ සෙට් එකම හරියට සැබෑකරනවා.
ඒ පැත්තට ගියානම් එහෙ ඉන්න. මොන මගුලකටද නැවත එජාපෙට රිංගන්න හදන්නේ...
සාමාජිකත්වය තිබුණත් මොකෝ ,නොතිබුණත් මොකෝ ?
තිරිසන් සතුන්ට මීට වැඩිය විනයක් තියෙනවා. ගෙම්බන් වගේ පනිනවා, එ්ත් අස්කරන්න එපෝ කියලා උසාවි යනවා. අපේ සල්ලි කනවා මේ කාලකන්නි.
පක්ෂයක් හදාගෙන ගියානම් තව මොකටද ? රිංගන්න හදන්නේ මේක මොන ව්‍යවස්ථාවක් වැරිදි ආදර්ශයක් සහ මැතිවරණ ක්‍රමයක් , මොවූන් සේරම හැම පක්ෂයේම සාමාජිකයෝ, ජනතාව පරාද, මොවූන් ජාතික ලැයිස්තුවෙන් යනවා .