ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම 25 වැනිදා එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම් කරේ. 19 September 2019
කැපුම් තුවාල සහිත කාන්තාවක් තංගල්ලෙන් හමුවෙයි තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ නිවෙසකදී බරපතළ කැපුම් තුවාල සහිත කාන්තාවක් සහ එම නිවෙසේම කාමරයක එල්ලෙමින් තිබූ පිරිමි සිරුරක් අද (19) හමුවූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 19 September 2019
සුදුවෑන් රථවලින් ආ පිරිසක් සමූපකාර නිලධාරියකු පැහැර ගනිති මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු අද (19) සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී පැහැරගෙන ගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි. 19 September 2019
රාජිත අද ජනාධිපති කොමිසමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) දහවල් රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය. 19 September 2019
විදුහල්පතිවරයකු - ව්‍යාපාරිකයකු කපා කොටා පළායති පුත්තලම, ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ව්‍යාපාරිකයකුට නාඳුනන පිරිසක් විසින් ආයුධ වලින් පහරදී පළාගොස් ඇතැයි පොලීසිය පවසයි. 19 September 2019
මහ බැංකුවල ස්වාධීනත්වය වෙනුවෙන් සටන් වැදීම ජනතාවගේ වගකීමක් නොසැලකිලිමත් පාලකයන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මහ බැංකුවල ස්වාධීනත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අද (18) පස්වරුවේ පැවැසීය. 18 September 2019
පොලිසියේ 5824 කට උසස්වීම් පොලිස් කොස්තාපල්ගේ සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 5824 ක් සඳහා 2019 ජනවාරි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදී උසස් වීම් ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 18 September 2019
‘‘එජාප අපේක්ෂකයා ගැන තීරණය ලබන සතියෙ ගන්නවා‘‘ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය ලබන සතිය ඇතුළත ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 18 September 2019
චීන නියෝජිතයෝ විපක්ෂ නායකවරයා හමුවෙති මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික චෙන් මිනර් මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (18) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීය. 18 September 2019
ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීහු කෝප් කමිටුවෙන් සමාව ඉල්ලති කෝප් කමිටුව හමුවට කැඳවූ දිනයේදී පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එහි නිලධාරීහු කෝප් කමිටුවෙන් සමාව ඉල්ලුහ. 18 September 2019
ඉවසීමෙන් කටයුතු කරන්නැයි හමුදාපති ආබාධිත රණවිරුවන්ගෙන් ඉල්ලයි ආබාධිත රණවිරුවන්ගේ ගැටලු විසදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (17) විශේෂ කැබිනට් පත්‍රිකාවක් අත්සන් කර ඇති බවත් ඒ වෙනුවෙන් සුළු කාලයක් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසත් හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (18) ආබාධිත රණවිරු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. 18 September 2019
‘‘රට තුළ කුණු කඳු 57 ක් තිබෙනවා‘” කොළඹ නගරයේත් පිට පළාත්වලත් මේ වන විට කසළ කඳු 57ක් තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 September 2019
රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සූදානම් වෙති රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවන්ට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබීමට එරෙහිව මේ මස 23 වැනිදා රට පුරා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් ඊටද ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් 25 වැනිදා සිට රටපුරා අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වන බවත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් ඒච්.ඒ.එල් උදයසිරි මහතා අද (18) පැවැසීය. 18 September 2019
කෝටි 114 ක වියදමින් ත්‍රෛභාෂා පාසලක් මීරිගමදී රුපියල් කෝටි 114 ක වියදමකින් නව ත්‍රෛභාෂා පාසලක් ඉදිකිරීම සඳහා අනිද්දා (20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීරිගම දී මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්වේ. 18 September 2019
ජනාධිපතිවරණය නොවැම්බර් 16 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව අද (18) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත. 18 September 2019
පරිපාලන සේවා සංගමය අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙති සිය වැටුප් විෂමතාවන්ට ස්ථිර විසඳුමන් නොලැබෙන්නේ නම් මේ මස 23 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා අද (18) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 18 September 2019
දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා රිමාන්ඩ් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට ගිය දැරියන් දෙදෙනෙකුට එම ගුරුවරයා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් හෙයින් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා අද (18) නියෝග කළේය. 18 September 2019
නෙළුම් කුළුණ ගැන කෝප් කමිටුවෙන් පූර්ණ විමර්ශනයක් නෙළුම් කුළුණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ සිට එහි සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) අද (18) තීරණය කළේය. 18 September 2019
‘ඊළඟ වසර 5 දී ආදායම් මාර්ග තවත් ශක්තිමත් කරනවා‘ විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල මෙන්ම පාසල් අධ්‍යාපන ලැබූවද සැමට රැකියා සහ ආදායම් මාර්ග බිහිකරන වැඩසටහන ඊළඟ වසර පහේදී තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 September 2019
ගාලු කොටුවේ බිත්තියක් කැඩූ අයෙක්ට අත්හිටවූ සිර දඬුවම්-දඩ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ගාල්ල කොටුවේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක බිත්තියක් කැඩීම සම්බන්ධයෙන් වරදකරුවු පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(18) බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක් සහ රුපියල් පනස් දහසක දඩයක් නියම කොට සිර දඩුවම වසර පහකට අත් හිටුවනු ලැබිය. 18 September 2019
‘සාහිත්‍ය මාසය රස්සා දෙන මාසයක් වෙලා‘ රටේ සාහිත්‍ය මාසය ලෙස හඳුන්වන සැප්තැම්බර් මාසය ඉදිරියේ එන මැතිවරණයක් නිසා රටේ රස්සා දෙන මාසය බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කුරුණෑගලදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය . 18 September 2019
තහනම නොතකා ආබාධිත රණවිරුවෝ ජනපති ලේකම් කාර්යාලයට කොටුව දුම්රියපොළ අසළ උපවාසයේ යෙදී සිටින ආබාධිත රණවිරුවන්ගෙන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරිම හේතුවන් ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි. 18 September 2019
නෙළුම් කුළුණ ගැන විපක්ෂ නායකගෙන් නිවේදනයක් නෙළුම් කුළුණ ඉදිකිරීමේ මුල් දිනයේ සිට අද දක්වාම සියලූ ගෙවිම් සිදුකර ඇත්තේ ඒලිට් සමාගමට නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ ගිණුමට බව අදාළ සමාගමේ ලියකියවිලි වලින් තහවුරු කරගත හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 18 September 2019
‘ඇල්පිටිය තේරීම්භාර නිලධාරියා මාරු කිරීමේ කුමන්ත්‍රණයක්‘ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තේරීම්භාර නිළධාරිවරයා වශයෙන් කටයුතු කරන ගාල්ල දිසාපතිවරයාට ස්ථානමාරුවක් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවට තොරතුරු වාර්තාවී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (18) පැවැසීය. 18 September 2019
හිටපු ඇමැති මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි හිටපු ඇමැති එච්. ආර්. මිත්‍රපාල මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට මිත්‍රපාල මහතා 73 හැවිරිදි වියේ පසුවිය. 18 September 2019
පාස්කු ප්‍රහාරය ගැන සොයන කාරක සභාවේ කාලය මසකින් දිගු කරයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය ඔක්තෝබර් 31 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. 18 September 2019
'අලි නඩුව' විභාග කරන්න මහාධිකරණයට බලයක් නැතැයි මුලික විරෝධතාවයක් වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූට ලෙස වෙනස්කර බලපත්‍ර නොමැති අලි 5 දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපති පවරා ඇති නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද (18) මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. 18 September 2019
විරෝධතාවක් නිසා ටවුන්හෝල් අවට වාහන තදබදයක් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක විරෝධතාවක් හේතුවෙන් පුරහල හා අවට ප්‍රදේශවල දැඩි රථ වාහන තද බදයක් හටගෙන ඇත. 18 September 2019
ලෝටස් පාර වහයි ලංගම සේවකයින්ගේ විරෝධතා පා ගමනක් ජනාධිපති ලේකම් කාර්යාලය බලා යාමට ගත් උත්සාහක් වළක්වමින් පොලීසිය ලෝටස් වටරවුම මාර්ග බාධක යොදා වසා දමා තිබේ. 18 September 2019
කිංස්බරි බෝම්බකරුගේ හිස වළලන්න නියෝගය කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ අසාම් මොහොමඩ් මුඛාරක් යන අයගේ හිස කොටස බොරැල්ල කනත්තේදී භූමදානය කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද තිඹිරිගස්යායා ප්‍රාදේශිය ලේකම්වරයාට නියෝග කළේය. 18 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026