(සුමතිපාල දීයගහගේ )
රුපියල් පනස් ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 520 යි මිලිග්‍රෑම් 20 ක් සමග සැකකරුවෙකු ගාල්ල ජාකොටුවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාධිපති මහතාට ලැබුණ තොරතුරකට අනුව ගාල්ල මාතර මහා මාර්ගයේ ගාල්ලජාකොටුවැල්ල ප්‍රදේශයට හෙරොයින් ජාවාරම් කිරිමට යතුරුපැදියකින් පැමිණ සිටියදී හෙරොයින්තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය පැවසිය.
සැකකරු අද (9) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අල්ලන කුඩුවලට මොකද වෙන්නේ ..? පස්ස දොරෙන් ආපහු මුදලාලිලාට...
රටේ දරුවන්ගේ සාරේ උරාගෙන බීලා, දෙමව්පියන්ගේ ජීවිත විනාශ කරලා...
කුඩු නම් අල්ලනවා. මොනවා වෙනවද කියලා කවුද දන්නේ...? ඡන්දෙට වියදම් කරන්න කුඩු මුදලාලිලාගේ උදව් ඕනකරන වෙලාවනේ...