(එමි. කේ .නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් ජුලි මස 21 දින ආරම්භ කර අගෝස්තු මස 03 දින දක්වා පැවැත්වීමට නියමිතය.
මහ පෙරහර පවත්වා පසුදින එනම් අගෝස්තු 04 වැනිදා මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු කතරගම ඇසළ උත්සවය නිමාවට පත්වන බව මහ දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.
සෑම වසරකම යාල ජාතික වනෝද්‍යානය හරහා හින්දු බැතිමතුන් පාගමනින් පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණියද, මෙවර කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් එම පාද චාරිකාව සෞඛ්‍ය බලධාරීන් විසින් අවලංගු කරනු ලැබ ඇත.
සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරමින් මෙවර කතරගම පෙරහර මංගල්‍යය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව බස්නායක නිලමේ කාර්යාලය දන්වා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවස්ථාවේ මෙවැනි උත්සව අත්‍යවශ්‍යද ? සිංහල අවරුදු , පාස්කු , වෙසක් , පොසොන් සැමරුවේ නැති අපට මේ උත්සවය අත්‍යවශ්‍යද ?