(ඉන්දිකා රාමනායක)
අධිකරණ නියෝග නොතකා කොල්ලුපිටිය ඇමරිකානු තානපති කාර්යලය ඉදිරිපිට විරෝධතාවක නිරත වු පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය මුල් කරගෙන කොල්ලුපිටිය මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.
ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆොලොයඩ්ගේ ඝාතනයට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවක පැවැත්වීමට නියමිතව තිබිණි.
මෙම විරෝධතාවට එරෙහිව පොලිසිය ඊයේ කොටුව මහේසත්රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි අල්ලගෙන නටන්න තමයි හදන්නේ.. තමන්ගේ රට හදන්නේ කොහොමද කියලා නෙවෙයි බලන්නේ...
අපේ ලොකු සර්ගේ මව්රටට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරන්න.. ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් ප්‍රමුක කුරුටු ගාමී පක්ෂයට දැන් ඉඩ දෙන්නේ නැහැ. යහපාලන කාලේ කළ නැටුම් දැන් බැහැ. වැරදිලාවත් මේ ජෝර්ජ් කියන මනුස්සයා දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා මැරුවා නම් එදාට මුළු කොළඹම පාරවල් බ්ලොක් ...
නොවිය යුත්තක්.ඇමරිකාවෙත් නැති නීති මෙහෙ තියෙන්නේ
අනිත් අය හදන්න ඉස්සෙල්ල තමන් හැදිලා හිටියොත් හොඳයි කියලා වැටහෙන්නේම නැති කට්ටියක් තමා මේ.
අරෙහේ එක්කෙනෙක් බලාගෙන උන්නා තැඹිලි ලේමන්පාෆ් කන්න. කොහෙද ........... . ඒකත් කැවා.
බොහොම හොදයි පොලිසිය මෙහෙම තමයි කරන්න ඕන. මහජන ආරක්ෂක පනතේ පෙළපාලි විසුරුවීමට අදාල වගන්තිය අනුව ගත්තනම් වඩා හොදයි. කළු ජාතිකයෙක් ජනපති තනතුර හෙබවූ ඇමෙරිකාවේ වර්ගවාදයට එරෙහි අපි උද්ඝෝසන කිරීම පලක් නැත.
තොණ්ඩමන්ගෙ මරණය අරන් රට පුරා යද්දී අධිකරණයට තහනම් නියෝග තිබුණේ නැද්ද?
මෙහි පොලිසියේ කෙනෙක් බෙල්ල පාගා සිටීම ඕනම රටක හමුදා පාලනය යටතේ සිදුවනු විය හැකියි.
අමෙරිකාවේ නැති නීති මෙහෙ.......................... ඒ කියන්නේ අපි නීති හදන්න ඕන අමෙරිකාවට වඩා අඩුවෙන් ද? වහල්ලු........
රටක පුරවැසියන් එහි නීතිය අනුව කටයුතු කිරීම විය යුතුමය. ඒ ගැන කිසිම ගැටළුවක් මෙහි වෙසෙන බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට නැත. එහෙත් රටේ නීතිය විවිධ පාර්ශවයන් හට එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වීම නම් ගැටළු සහගතය. විශේෂයෙන්ම මේ අවස්ථාවේ රටේ ක්‍රියාත්මක නිරෝධායන නීති රෙගුලාසින් දේශපාලන බලාධිකාරයට උවමනා ආකාරයට කඩකරමින් කටයුතු කිරීම පිළිකුල් සහගතය. බලයේ පවතින රජයට පක්ෂ අයට නීතිය ක්‍රියාත්මක නොවීමත් අනෙක් අයට ඒ නීතිය ක්‍රියාත්මක වීමත් තුලින් පක්ෂග්රාහීව කටයුතු කිරීම කැපී පෙනෙයි.
අපරාදෙ අප්පා.. මට බැරි වුණානේ ගිහින් තැඹිලි බීලා, ලෙමන් පෆ් කාලා ඕක ඉස්සරහ නිදියලා එන්න...
අහිංසක දෙමව්පියන්ගෙන් කකා බිබී ලෝකය හදන්න යන විප්ලව කාරයින්..