(ඉන්දිකා රාමනායක)
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙට (9) ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අසල පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වලක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අද (8) නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන්ට , තවත් පිරිසට හා පොදුවේ මහජනතාවට මෙම නියෝගය නිකුත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
කොවිඞ් 19 වයිරසයක් රටතුළ පවතින අවස්ථාවක ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පුද්ගලයන් ඒක රාශි කරගෙන පෙරටුගාමී පක්ෂය උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමක් ඇති බවත් කෝවිඞ් 19 ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරන ලෙසට කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හමුවේ කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.
මෙම නියෝගය කඩ කරන පුද්ගලයන් ට දණ්ඩ නීති සංග්‍රහට යටතේ 185 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් බවට අධිකරණ ආඥාවේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ්19 දැන් ආණ්ඩුවේ කෝකටත් තෛලේ.. තොන්ඩමන්ගේ මල ගෙදරදී කෝවිඩ් බෝවීම නෑනෑ... අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තළු රාලෙ..!
මොනවා වුනත් උද්ඝෝෂණ පැවැත්වීම හොඳ වැඩක්. ලෝකයට ලොකුම තර්ජනය වුණු ඇමෙරිකාව හෙලා දැකිය යුතුයි. හැබැයි...mcc ගිවිසුම අත්සන් කලොත්, ඔය පොලිසි, ආමි දාලා නවත්වන්න බැරිබව දැනගත්තොත් හොඳයි. එදාට ඔය එම්බසිය බිමටම සමතලා කරනවා. රටම ලේ විලක් වේවි. ගිවිසුමට සම්බන්ධ පාවාදෙන්නන් ඔක්කොටම ජීවිතයෙන්ම සමුගන්න වේවි...!!!
අපි මෙහෙම කළාට ඇමරිකාවේ තිබෙන ශ්‍රී ලාංකික තානාපති කාර්යාල ඉස්සරහ කොටි උද්ඝෝෂණ කරන කොට ඒවා නවත්වන්න ඇමෙරිකාව ක්‍රියා කලේ නැත.. අපේ හමුදාපතිට ඇමරිකාවට ඇතුල්වීම පවා ඇමරිකාව තහනම් කළේය. කරන කෙනෙකුට කොරෝනා නීති රීති වලට අනුකූලව දුරස්ථභාවය තබාගෙන, පාරවල් අවහිර නොකර උද්ගෝෂණ කරන්න ඉඩ දුන්නා නම් ඉවරයි.., මේ උද්ගෝෂණය කරන්නේ ඇමරිකාවට විරුද්ධව නොව එහි ක්‍රියාත්මක වන වර්ගවාදයට එරෙහිවයි.. මේවා යුරෝපයේ සෑම රටකම වගේ පැවැත්වේ.
මේ අයට මෙච්චර කල් මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනකොට කට වහගෙන හැංගිලා ඉන්න පුලුවන්. වෙන රටක මොකක් හරි හේතුවක් හොයාගෙන ඒකට විරුද්ධකම් පෙන්නන්න නම් වීරයෝ වගේ යන්න හදන්නේ...
අපේ රටත් කන්න හදන මොවුන්ව පණපිටින් එල්ලුවත් මදි. ඇමෙරිකාවේ ප්‍රශ්න ඇමෙරිකාව බලාගනියි. මුන්ව ගෙනිහින් පුරන්වෙච්ච කුඹුරු කොටන්න දැම්ම නම් මාසයක්වත්, අඩු තරමින් රටට වැඩක්වත් වෙනවා. කාලකන්නි.
එහෙමත් පුලුවන්ද අපේ සර්ගේ මව් රටට විරුද්දව උද්ගෝෂණ කරන්න.
පොලිසිය, උසාවිය, හැම නීතියම ආණ්ඩුවට විරුද්ධ අයට විතරයි.
මේ රට සහ බොහෝ මිනිසුන් ක්‍රියාකරන්නේ මහා අමුතුම ක්‍රමයකට. රුසියාවටත් වඩා ලොකු ඊර්ෂ්‍යාව හිතේ පිරිලා දොරේ ගලනවා. විරුද්ධ මතය ඉවසන්නේ නැහැ.
පසුගිය රජයන් කාලයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ අය, කොඩි ගිණි තියපු අය අද සොයා ගැනීමට හෝ නොහැකිය. ඒ තම නායකයා ඇමරිකාවේ ජීවත් වූ නිසා හෝ පුරවැසියෙකු වී සිටි නිසා විය යුතුය. එදා විපක්ෂයේ සිටියදී කළ දේ අද පෙනෙන්නේ වැරැදි විදිහටයි. ඊයේ එක්තරා විශ්ව විද්‍යාලයීය පීඨයක් විවෘත කරනවිට එයට මුල්වූ පසුගිය රජයේ අයට ආරාධනයක් නැති බව පෙනුණා. ඒ අයත් ඒ අයගේ රජයේදී එසේ හැසිරෙන්න ඇති... දෙපිල් බෙදිලා ඡන්ද පොරය. විශ්ව විද්‍යාල පුවත ගැන මා දැක්වූ අදහස සෑම් නැමැත්තෙක් පිළිකුල් දේශපාලනය ගාවා විනාශ කළා. හාවාට විදින්න ඕන එක විද්දේ පඳුරට. ඒක මේ රටේ දේශපාලන කුහකයින්ගේ හැටි. මොනවා කරන්නද අපේ පවට මේ වගේ හිත් වේදනා ලබන්න වුණා වරදක් නැතිවම... සුද්දන් අපේ සමහර මිනිසුන් මෙන් කුහක නැහැ. ඒ නිසා අනුන්ව කොනිත්තන්නේ නැතිව තමන්ගේ අදහස තනිවම කීමට සෑම් මහතා වගේ අය ක්‍රියා කරනවා නම්, මේ තිරය වඩාත් ලස්සන වේවි..!
ලොකු දෙයක්... රටට සතපහක වැඩක් ඇති පක්ෂයද මේවා...?
ඇමරිකාවට හෝ ධනවාදී රටකට ගියොත් ඔය උද්ගෝෂණය කරන්න පුළුවන්. සමාජවාදී සහ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රටවල් වල ඔය සෙල්ලම් බැ.
පිටරටින් එන ඩොලර් ටික බලාගෙන මෙහෙ ෂෝ දමනවා
මේ උද්ගෝෂණ නිසා අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය ජනතාව. මේක නවත්වපු එක හොඳයි. පහුගිය රජය කාලේ එක දිගටම කරපු ඔක්කොම උද්ගෝෂණ වලට දැන් ඉන්න රජය ඒ කාලේ සහයෝගය දුන්නා .
ඇමෙරිකාවේ ජනාධිපති නිල නිවෙස වන ධවල මන්ධීරය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වන්න නීතියෙන් බාධාවක් නැත්නම් ලංකාවේ තිබෙන ඇමරිකාවේ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරන්න නීතිය හරස්වෙන්නේ ලංකාවේ උද්ඝෝෂණ කිරීමේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ඇමෙරිකාවේ ප්රජාතන්ත්රවාදී අයින්තින් වලට වඩා වෙනස් නිසාද?
මෙහි ලියූ දෙනාට මතක් කිරීමක්..., මෙය වර්ණ වාදයට, ජාති වාදයට, ආගම්වාදයට විරුද්ධව මිස රටකට හෝ දේශපාලනයකට විරුද්ධ දෙයක් නොවේ.. මරුසවිල ඝාතකයා නිදහස් කළ අපට, දේශප්‍රේමී අපට, ධර්ම ජාතිවාදී සෑම දේම අහක බලා සිටින්න ඇහැකි අපට.., මේවා මක්කද අනේ..
විමල් සහ උදය එන්නේ නැද්ද? වැඩක් නැහැ.. එහෙනම් මොකද විමල් සහ උදයගේ තමයි දේශප්‍රේමය දෝරගලලා තියෙන්නේ... ?
විමලේ හොයා ගන්නවත් නැහැ. අරාබි රටවල දුක්විඳින පීඩිත පන්තියේ ශ්‍රමිකයන් ගෙනඑන්නේ නැතුව අධිරාජ්‍යවාදීන්ගේ රටවල මිනිස්සු ලංකාවට ගෙන එ්ම සහ අර රටවැසියාට දෙනවා කියලා පොරොන්දුවුන සහන දෙන්න බැරිවීම යන කරුණුමත සිත් අමනාපයට පත්වෙලා.. ඇඳිරි නීතිය සහ කොරෝනා නිසා තුන්මුල්ලට යන්න බැරුව, ගෙදරට වෙලා තනිවම මාරාන්තික උපවාසයක් කරලා අමරුවෙලාද දන්නේ නැහැ..