ඇෆ්ගනිස්ථාන ජනපතිවරයාගේ රැළියක් අසළ බෝම්බ පිපිරීමකින් 24 ක් මරුට ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී මහතා සහභාගී වූ රැලියක් ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 24 දෙනකු මියගොස් 32කු තුවාල ලබා ඇතැයි රෝහල් බලධාරියෙක් පැවැසීය. 17 September 2019
බද්දේගම ප්‍රා. සභාපති අත්අඩංගුවට පුද්ගලයකුට පහරදී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් ශ්‍රී පොදුජන පෙරමුණේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි. 17 September 2019
කෝටි 200 ක වංචාවක් ඇතැයි ජනපති නොමඟ යැවූ අය ගැන බන්දුල වර්තාවක් ඉල්ලයි නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 200 ක් වංචාවක් සිදුවී ඇති බවට ජනාධිපති කළ ප්‍රකාශය ඒ මහතා නොමඟ යැවීමට කවුරුන් හෝ කළ කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතුව ඇති බැවින් ඒ ගැන සොයා බලා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (17) ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය. 17 September 2019
රූපවාහිනිය පවරාගැනීමේ ගැසට්ටුව අවලංගු කරන්නැයි පෙත්සමක් රූපවාහිනී සංස්ථාව තමන් වෙත පවරා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියෝ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද ( 17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 17 September 2019
ඉරාන ජාතික පිය - පුතු දෙපළක් අත්අඩංගුවට කූට ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත්, එතැනින් ඕස්ට්‍රේලියාවටත් පලා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය - පුතු දෙපළක් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 17 September 2019
‘ජනපතිවරණයට එනවා නම් විධායක ජනපති ධුරය අහෝසි කිරීමටයි’ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයකින් නිකුත් කරමින් කියා සිටී. 17 September 2019
නව මන්ත්‍රීවරු තිදෙනෙක් දිවුරුම් දෙති පාර්ලිමේන්තුවට අලුතින් පත්කෙරුණු මන්ත්‍රීවරු තිදෙනෙක් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේදී අද (17) දිවුරුම්දුන්හ. 17 September 2019
කංජිපානි ඉම්රාන්ට හඬ පරීක්ෂාවකට එන්නැයි නියෝග පාතාල නායකයකු වන මොහොමඩ් නසීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වන දින පෙරවරු 10.00ට බත්තරමුල්ල රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය. 17 September 2019
හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ඇතුළු 8කගේ වැඩ තහනම් සූදූ පිටියක් වටලා එහි තිබූ මුදල් අයතා ලෙස පරිහරණය කර දූෂිත ක්‍රියාවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලීසියේ 8 දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය . 17 September 2019
පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව නීතිවිරෝධීව ඩෝසර් කළ පිරිසක් අත්අඩංගුවට පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මනතිව් ග්‍රාම නිලධාරී වසමට අයත් කාසන්තිව් රජයේ කැලෑව නීති විරෝධී ආකාරයෙන් ඩෝසර් කරමින් තිබියදී අද (17) එම යන්ත්‍ර සූත්‍ර සමඟ පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා වන නිලධාරී භාරත දිසානායක මහතා පැවසීය. 17 September 2019
නිල්වලා ගඟත් පිටාර මට්ටම ආසන්නයේ දෙනියාය, මොරවක, කොටපොල. මොරවක ආදී නිල්වලා ගඟෙහි ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට ඇදහැළෙන අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නිල්වලා ගඟද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී. 17 September 2019
කුරුණෑගල නගරාධිපති පෙර ඇප මත මුදා හරී කුරුණෑගල මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පෙර ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (17) නියම කළාය. 17 September 2019
නෙළුම් කුලුන සංචාරක - තාක්ෂණික ක්ෂේත්රවල නව පිම්මක් නෙළුම් කුලුන ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සන්නිවේදන සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්රවල නව පරිවර්තනයක් සහ දැවැන්ත පිම්මක් යැයි කුලුන විවෘතකරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ පැවසීය. 16 September 2019
‘‘නෙළුම් කුලුන හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ‘‘ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ප්‍රකාශ කළේය. 16 September 2019
එළුහ තමිල් උලෙළ යාපනයේදී උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වි විග්නේෂ්වරන් මහතාගේ සංකල්පයකට අනුව පැවැත් වූ එළුහ තමිල් උලෙළ අද (16) යාපනයේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. 16 September 2019
‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ප්‍රකාශ කර තිබේ. 16 September 2019
හංවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හයදෙනෙකු සමඟ වෑන් රථයක් සහ යතුරුපැදියක් අද (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 16 September 2019
දඹදිව ගිය තවත් ලාංකිකයන් 5 කට මැලේරියාව දඹදිව වන්දනාවේ ගිය තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ඉකුත් සතියේදී මැලේරියා උණ වැළඳී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 16 September 2019
ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20කට හානි පන්නල - මාකඳුර නගරයේ අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20 ක්, සතිපොළ භූමියේ වෙළඳ කුටි 100 ක්, පන්නල ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය. 16 September 2019
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට කැලණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයෙන් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 16 September 2019
අර්ජුන් මහෙන්ද්‍රන් ඉල්ලා යැවූ ලේඛන සිංගප්පුරු රජයට බාරදෙයි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සිංගප්පූරු රජයට අද (16) බාරදුන් බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. 16 September 2019
මහාධිකරණ ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි කොළඹ මහාධිකරණය පවත්වාගෙන යන වසර 300 ක් පමණ පැරණි ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් අද (16) කඩා වැටිණි. 16 September 2019
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා ලබන 30වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (16)නියෝග කළාය. 16 September 2019
දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් චෝදනාවක් ප්‍රවාහන අමාත්‍යවරයා සකස්කර ගත් ලේඛනයකට අනුව අලුතින් බඳවාගත් දුම්රිය කාර්යය සහායකයින්ට ස්ථීර පත්වීම් ලිපි ප්රදානය කරන බවට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි. 16 September 2019
‘රජය බලාපොරොත්තුවූ ඉලක්ක සම්පුර්ණ කරන්න බැරි වුණා‘ කෘෂිකර්ම අමාත්‍යාංශය ඩි.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන යාමත්, පාර්ලිමේන්තු කාරක සභාව ගොවිජන මන්දිරයේ පිහිටුවීමත් මගින් රජය බලාපොරොත්තු වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරයා අද ( (16) ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය. 16 September 2019
නෙළුම් කුලුනට මුල්ගල තැබූ අයට ආරාධනා නැතිලු නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට සහභාගීවන ලෙසට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර නොමැති වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම අවස්ථාවට සුභ පතන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (16) පැවැසීය. 16 September 2019
සජිත්ගෙන් අගමැතිට ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව එජාප නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 16 September 2019
දෙමළ සන්ධානය හෙට අගමැති හමුවෙයි ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දෙමළ සන්ධානයේ ආරංචි මාර්ග සදහන් කරයි. 16 September 2019
‘එජාපයේ ජනපති අපේක්ෂකයා බහුතර කැමැත්තෙන් තෝරාගත යුතුයි‘ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයේ කැමැත්තෙන් තෝරාගත යුතු යැයි ජාතික හෙළ උමරුයේ ප්‍රධාන ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (16) පැවසීය. 16 September 2019
ජාතික පාසල්වලට අලුතින් සිසුන් 44,568 ක් ජාතික පාසල්හි පවතින පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීම නිසා නිසා අලුතින් සිසුන් 44,568 කට එම පාසල්වලට ඇතුළු වීමට අවස්ථාව සැලසී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 16 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026