ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ආසන්න වී තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ හැටඅට ලක්ෂ අනූහත් දහස් දෙසිය විසිපහක් ලෙසයි.
මින් සියයට 30 ක් හෙවත් ආසාදිතයින් මිලියන 2 ක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙනි.
ලොව පුරා මේ වන විට වාර්තා වී ඇති ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ට ආසන්න වී ඇති අතර ඒ අනුව එම සංඛ්‍යාව තුන්ලක්ෂ අනූනව දහස් හත්සිය අසූ නවයකි.
මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ ද අමෙරිකාවෙන් වන නමුත් වයිසරය හේතුවෙන් දකුණු අමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
කොරෝනා වයිරසය හේතුවෙන් මාස 5 ක් තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව වාර්ෂිකව මැලේරියා රෝගයෙන් මරණයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාවට සමාන වේ.
කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 3 සිට ලක්ෂ 4 දක්වා ඉහළ යෑමට ගතවී ඇත්තේ දින 23 ක් පමණි.
(රොයිටර් ඇසුරෙනි)
-226-
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ළංවෙයි