( එම් .සුසිල් ප්‍රියන්ත )
සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ.
ඡන්දදායකයින් 200යක් පමණ පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හදුනා ගැනීම මේ වැඩපිලිවෙලේ ප්‍රධාන අරමුණයි.
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමු ක්‍රමවේදයක් විදිහට එතුමා විශ්‍රාම යන්න පෙර උපන් ගමේ පවත්වන එක හොදයි... මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවසාන කොමසාරිස් හා මැතිවරණ කොමිෂන් සභාවේ පළමු සභාපති විදියට වාර්තා අතරට එක්වු මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා කොමිෂන් සභාවේ ජනතාව අතර ජනප්‍රියම නිලධාරීයා එතෙක් මෙතෙක් ඉතිහාසය තුල එතුමාට කොමිෂන් සභාවේ රාජකාරි නිසියාකාරව කරගෙන යැමට ඉඩක් හුල් විසින් දෙන්නේ නැහැ.... ඔහු යාපනයේ ගිහින් කියනවා රුපවාහිනි නාලිකාවක යාපනයේ විකාශනය වන පොහොට්ටුවට චන්දය දෙන්න එපා කියලා එතකොට ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයද හුල්ගෙන් දකින්නේ හුල් කා වෙනුවෙන්ද පෙනිසිටින්නේ යන්න පැහැදිලියි. දෙමළ ඩයස්පොරාවේ වුවමනාවන් වෙනුවෙන් කියලා ඔහුව කොමිෂන් සභාවට පත්කල හිටපු කථානායක වගකිවයුතුයි.. අන්තවාදීයෙකු පත්කිරීම ගැන කරු ජයසුරියට ගෙදර නිකන් ඉන්න බැ ඔහු වගකීම බාරගන්න ඕනේ ඔහුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්න බැ...
නියමු ක්‍රමවේදයක් විදිහට එතුමා විශ්‍රාම යන්න පෙර උපන් ගමේ පවත්වන එක හොදයි මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවසාන කොමසාරිස් හා මැතිවරණ කොමිෂන් සභාවේ පළමු සභාපති විදියට වාර්තා අතරට එක්වු මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා කොමිෂන් සභාවේ ජනතාව අතර ජනප්‍රියම නිලධාරීයා එතෙක් මෙතෙක් ඉතිහාසය තුල එතුමාට කොමිෂන් සභාවේ රාජකාරි නිසියාකාරව කරගෙන යැමට ඉඩක් හුල් විසින් දෙන්නේ නැහැ... ඔහු යාපනයේ ගිහින් කියනවා රුපවාහිනි නාලිකාවක යාපනයේ විකාශනය වන පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා එතකොට ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයද හුල්ගෙන් දකින්නේ හුල් කා වෙනුවෙන්ද පෙනිසිටින්නේ යන්න පැහැදිලියි... දෙමළ ඩයස්පොරාවේ වුවමනාවන් වෙනුවෙන් කියලා ඔහුව කොමිෂන් සභාවට පත්කල හිටපු කථානායක වගකිව යුතුයි... අන්තවාදීයෙකු පත්කිරීම ගැන කරු ජයසුරියට ගෙදර නිකන් ඉන්න බැහැ.. ඔහු වගකීම බාරගන්න ඕනේ ඔහුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්න බැ.... එකයි තියෙන තත්වය මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයක් නැහැ අන්තවාදින් සිටින නිසා ....
මරු සර්, මරේ මරු නියමයි. නියමයි. අපිත් එනව ඡන්දෙ දාන්න....
ඔය හුන්ඩු පෙට්ටිය ලොකු කරන්නේ කවද්ද? වටේ ඉන්න නියෝජිතයින්ට ගහන පක්ෂය හිතා ගන්න පුළුවන් දැන් තියෙන ආවරණයෙන්.
පෙරහුරුව හොඳයි! කල් ගැනීම හොදායි!!
ඔය මගුල ඉක්මනට තියල, ඔය ටික පත්කරගන්න ඉඩ දෙන්න මහත්තයෝ.
එකෙක් යන්න එපා... උන්ටම දහන්න කියහල්ලා...
අපි මොකද මෙතරම් අමාරුවෙන් ගිහිල්ලා චන්දෙ දමන්නේ ලංකාවේ චන්ද දායකයා දැන් බුද්ධිමත් මේ වතාවේ ගොඩක් දෙනා චන්දය දමන්ඩ යන්නේ නැහැ යන්නත් එපා.. නිකන් කොරෝනා බෝ කරගන්න අප චන්ද පොලට ගිහිල්ලා...
තමන්ගේ ගමටම ඇවිල්ලා කරන එක හොඳා. ඒත් අර හූල් කියන මිනිහා නම් අයින් කරන්නම ඕන. නියම "ස්වාධීන" මිනිහා.
ලෝක ඉතිහාසයේ වැඩිම මහජන මුදලක් වැයකර පවත්වන්න යන මැතිවරණය පෙරහුරුවට රා ඉඩ නැතුව ගමනට වාහන , බටා,දිව ආහාරය ෆයිව් ස්ටාර් හොටෙල් , හවස පාටි , බලන්න.