( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ මුහුදු තීරයේ විනෝදයට රැල්ල පෑගීම සඳහා ගිය පෙම්වතුන් යුවලකගෙන් පෙම්වතිය මුහුදේ ගසා ගෙන යාමේදී ඇය බේරා ගැනීමට උත්සාහ දැරූ පෙම්වතා දියේ ගිලී මිය ගොස් ඇතැයි එගොඩ උයන පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි විසි තුන් හැවිරිදි තරුණයෙකි.
එම පෙම්ව්වතුන් යුවල ඔවුන්ගේ නැගණියන් සමග විනෝද වීම සඳහා මුහුදු වෙරළට පැමිණ රැල්ල පාගමින් සිටිය දී පැමිණි විශාල රළ පහරකට හසුව මෙම අනතුර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ප්‍රදේශ වාසීන් විසින් ඔවුන් දෙදෙනා ම ගොඩට ගෙන පානදුර මූලික රෝහලට ඇතුළත් කරන විටත් තරුණයා මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
18 හැවිරිදි තරුණිය පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි ළමයිනේ සැලකිලිමත් නොවෙන්නේ.? ප්‍රදේශයේම අය නම් ඔය ප්‍රදේශය ගැන ඔබලාට හොඳ අවබෝධයක් තිබෙන්නට ඇති. එහෙම වෙලත් මෙහෙම වුනේ අයි?
නොදන්නා තැන්වල රැල්ල පෑගීමට යාම දියනෑම අධික වේගයෙන් නොසැලකිලමත් ලෙස රියපැදවීම යනාදිය නිසා වටිනා ජීවිත අකාලයේ අහිමිවී තිබෙනවා. මේවා හොදින් දැනගෙන අවදානම් ක්‍රියාවලට අතනොගසා වටිනා ජීවිත රැකගැනීමට සැමට නුවනැස පහල වෙවා...!!!