(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) තීරණය කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියගේ සාක්කියෙන් මෙම නඩුවේ සාක්කි විමසීම ආරම්භ කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ ගිරිතලේ යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණ්ෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, ඩී.ජී. තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන්ය.
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම අපරාධයන් සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 17 ක් යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
විත්තිකරුවන් විසින් සිදුකළ වරදවල බරපතල තත්වය, එම වරදවල් සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය හේතූවෙන් මෙවැනි සංකීර්ණ, තාක්‍ෂණික නඩුවක් ඇති කරුණු මෙන්ම එම කරුණු වල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (ඔරස්ක ්එ ඊ්ර) හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝ්‍යග බව පෙන්වා දෙමින් නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
වසර නවයකට පෙර සිදුවු මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇති චෝදනා මීට පෙර අවස්ථාවක විවෘත අධිකරණයේදී කියවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් විවෘත අධිකරණය හමුවේ පැවසීම නිසා මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල නඩුව ලබන සැප්තැම්බර් 02 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරු ඇතු`ථ නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලෙකට පස්සෙවත් බලමු කිසියම් සාධාරණයක් ඉටු වේවිද කියලා. ඒ කියන්නේ වැරදි කරපු මිනිසුන්ට දඬුවම් ලැබෙයිද කියලා...
වහළුන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් වදින්නා බොහෝවිට මියයන්නේ වහළෙකු අතින් කියා කියමනක් තිබෙනවා. කරුණු කෙසේවෙතත්, මේ නිරායුධ මිනිසා අමුඅමුවේ මරා දැමූ තිරිසනුන් කවුරුන් වුවත්, ඔවුන්ට සාප වෙනවා වෙනවාමයි. අප මෙහිදී කිසිඳු දේශපාලනයට දොස් නොකියන්නේ තවමත් නිවැරදි දේ ඔප්පු වී නොමැති නිසාවෙනි. මේ දිනවල පිටරැටියෙකු වෙනුවෙන් නැගූ හඬ මේ මිනිසා වෙනුවෙන් නැඟුණේ නැත්තේ ඇයි? ලොව සමහර රටවල පක්ෂ විපක්ෂ දේශපාලකයන් තමන්ගේ රජවීම පිණිස, රජකම ආරක්ෂා කරගැනීම පිණිස, මිනීමැරුම් කළද, කොයි පැත්තේත් එහෙයියන් තම පිල් බේරාගැනීමට දෙපිල් තුන්පිල් බෙදී වීරයන් සේ බෙරිහන් දෙති. මිනිසෙකු අමුඅමුවේ මරාදැමීම ගැන කිසිත් නොකරති. නොකියති.
ප්‍රගීත් LTTE සමග සම්බන්ධයක් පැවැත්වීමක් ගැන මම අහලා තියනවා. ඒත් ඒවා ගොතපු කතාද, ඇත්තද කියන්න දන්නෙ නෑ. හොයනවනං ඉතිං තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති වගේ බුලට් ගැනත් හොයන්න වෙයි ආයෙත්...
විජේ මහත්මයා, ඕන්නැති ප්‍රශ්න අදින්න එපා.