(ඩයනා උදයංගනී)
රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් දිගු කාලයක් පාසල් වසා තිබූ බැවින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ අනුව අගෝස්තු මස 5 වැනිදා ආරම්භ කිරීමට තිබූ එම විභාගය සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා කීවේය.
මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත් වීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ද සැප්තැමබර් 13 වැනිදා පවත්වන බව හෙතෙම කීවේය.
අගෝස්තු මස පාසල් නිවාඩු කාලය සැප්තැම්බර් මාසයට කල්දමා විභාගවලට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අගෝස්තු මාසය වෙන්කරන බව ද ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd