‘දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව නීතිමය පියවර ගන්න අපට බැහැ’ “අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකට අයත් වුවත්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නීතිමය පියවර ගැනීම අපට සිදුකළ නොහැකියි. ඇය කියන පරිදි අපි එවැනි නීතිවිරෝධී කටයුතුවලට උපකාර කර නැහැ, එවැනි නිලධාරිනියකගෙන් අපි එවැනි දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ” යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද(22) පූගොඩ දී පැවසුවාය. 22 September 2019
උතුරු මැද පාසල් දෙකක සංවර්ධනයට දුන් ලක්ෂ 140 ක් වංචා කරලා ‘ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ මහා විද්‍යාලයක සහ එහි ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ගොඩනැගිලි සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 14,300,000 ක මුදලක් උතුරු මැද අධ්‍යාපන බලධාරීන් සහ කොන්ත්‍රාත්කරු එක්ව වංචා කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 22 September 2019
‘අධිකරණ නියෝගය ලැබෙනතුරු ගුරුකන්ද විහාරාධිපතිගේ අවසන් කටයුතු කරන්න බැහැ‘ අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නා හිමියන්ගේ ආදාහන කටයුතු එම විහාර භූමියේ සිදු නොකරන ලෙස දායක සභාවට මුලතිව් අතිරේක මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා විසින් අද (22) තහනම් නියෝගයක් නිකුත් කළේය. 22 September 2019
‘මගේ දුරකතන සංවාදය විකෘති කරලා‘ නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ බව කියන මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයකු වශයෙන් මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන ලෙස ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නීය. 22 September 2019
‘දුරකතන සංවාදය ඇත්ත එකක්‘ නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ. 22 September 2019
ගෝඨාභය - මහින්ද මුන්නේෂ්වරම වැඳපුදා ගනිති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට නියමිතව සිටින ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු එම පෙරමුණේ නියෝජිතවරු පිරිසක් අද( 22) හලාවත මුන්නේෂ්වරම් පුද බිම වෙත පැමිණ විශේෂ දේව පූජා කිහිපයකට එක් වූහ. 22 September 2019
ඇල්පිටියේ මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් 4 ක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මෙතෙක් පැමිණිලි හතරක් ලැබී ඇති බවත් විමර්ශන කිරිමේදී ඒවා මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරිම් නොවන බවට අනාවරණය වූ බවත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසීය. 22 September 2019
අධ්‍යාපන අනධ්‍යයන සේවකයෝ 26 – 27 ලෙඩ නිවාඩු දමති වෘත්තීය ගැටලු 31 ක් සඳහා විසඳුම් ඉල්ලා අධ්‍යාපන, අනධ්‍යයන සේවකයින් මෙම 26,27 යන දිනයන්හි අසනීප නිවාඩු වාර්තා කර රාජකාරි කටයුතු වලින් ඉවත්විමට තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා අද (22) පැවසීය. 22 September 2019
පෞද්ගලික ඉඩම් නිදහස්කරන්න’යි උතුරු ආණ්ඩුකාරයා හමුදාපතිගෙන් ඉල්ලයි ආරක්ෂක හමුදාව භාරයේ පවතින පෞද්ගලික අයිතිකරුවන්ගේ ඉඩම් හැකිතාක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කළ නොහැකි ඉඩම් ප්‍රකාශයට පත්කරන ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 22 September 2019
නිල්වලා ගඟ පිටාර මට්ටමේ දෙනියාය, කොටපොළ, මොරවක, පිටබැද්දර යන පෝෂක ප්‍රදේශවලට නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ අද (22) පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 22 September 2019
ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තිය යල්පැන ගිය එකක් ආර්ථිකය ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ දශක අටකට වඩා පැරණි හණමිටි ප්‍රතිපත්තියක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය. 22 September 2019
ගිං ගඟේ ජල මට්ටම අද යළිත් සුළු වැඩිවීමක් ඇදහැළෙන වර්ෂාවත් සමඟ ගිංගඟේ තවලම ජල මාපකයේ ජල මට්ටම අද (22) උදෑසන 8.00 ට පමණ වන විට මිටර් 4.17 දක්වා සුළු වැඩිවීමක් දක්නට තිබූ බව ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පවසයි. 22 September 2019
ගුරුකන්ද කෝවිලේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒම වළක්වාලන්නැයි එහි පිහිටි කෝවිලේ පිරිසක් කළ පැමිණිල්ල මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 22 September 2019
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් අභාවප්‍රාප්ත වෙයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් මහතා අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 68 වැනි වියේ පසුවිය. 22 September 2019
මුලතිව් ගුරුකන්ද මහා විහාරයේ විහාරාධිපති හිමියෝ අපවත් වෙති මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වූහ. 21 September 2019
ඇල්පිටිය ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදීම අද ලබන මස 11දින පැවැත්විමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලැබු තැපැල් ඡන්ද දායකයින්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදිම අද (21) දහවල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදු කෙරිණි. 21 September 2019
මුදල් මංකොල්ල කා පුද්ගලයකු ඝාතනය කරයි නුවරඑළිය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ අයෙකුගේ මුදල් මංකොල්ල කා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය අද (21) දින අලුයම සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 21 September 2019
ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම 27 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (20) පැවැසීය. 20 September 2019
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිසිය කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කරයි නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාශ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීම සඳහාත් සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් ස්ථාපිත කිරීම සඳහාත් ඊයේ (19) සිට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. 20 September 2019
කෙරවලපිටියේ එල්.එන්.ජී බලාගාරයේ කොන්ත්‍රාත්තුව තවම ලබාදී නෑ කෙරවලපිටියේ ඉදිරිකිරීමට යෝජිත මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් එල්.එන්.ජී විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් ලබා දී නොමැති බව එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දුන්නේය. 20 September 2019
තවත් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කරති ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂාකරන තවත් අපේක්ෂකයින් දෙදෙනෙක් අද (20) මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කළහ. 20 September 2019
ලක්ෂ 15 ක ව්‍යාපෘතියක් විවෘත කිරීමේ සමරු පුවරුවට ලක්ෂ 7 ක් වැය කරලා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් විහාරස්ථානයක් වෙනුවෙන් ඉදිකර දුන් ජල පෙරන පද්ධතියක විවෘත කිරීමේ සමරු ගල් පුවරුව සඳහා රුපියල් ලක්ෂ හත හමාරක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය. 20 September 2019
ඉල්ලීම්වලට විසඳුමක් නැත්නම් 24 සිට වැඩවර්ජනයේ නියැලෙනවා සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් 24 දින සිට අඛණ්ඩ වැඩවර්ජනයක නියැලීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය හා රජයේ විධායක නිලධාරීහු තීරණය කර ඇතැයි එම සංගම් පවසති. 20 September 2019
‘‘ඡන්ද කටේ විධායක ජනපති ධූරය ගැන කතා කිරීම සදාචාරාත්මක නෑ‘‘ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන සාකච්ඡා කිරීම සදාචාරාත්මක නොවන හෙයින් කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඊට විරෝධය දැක්වූ බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කොළඹදී අද (20) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය. 20 September 2019
අල්ලස් ගත් යාපනයේ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට රුපියල් පනස්දහසක අල්ලසක් ගනිද්දී යාපනය විදුහලක විදුහල්පතිවරයෙක් අල්ලස් හෝ දුෂණ විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ. 20 September 2019
ඇවන්ට්ගාඩ් නඩුව ගාල්ලෙන් කොළඹ මහාධිකරණයට ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර හතරක පමණ කාලයක් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුවේ නඩු කටයුතු අවසන් කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් හතර දෙනා මේ මස 27 කොළඹ මහාධිකරණ අංක 3 ශාලාවේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට අද (20)නියෝග කළේය. 20 September 2019
‘උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුලාන්තය’ ග්‍රන්ථය එළිදකී හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් රචිත ’උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුලාන්තය’ නැමැති ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී අද (20) සිදු කෙරිණි. 20 September 2019
ඡන්දය දාන්න යන්න බයනම් වෙනත් මධ්‍යස්ථානයක් යම් තත්වයක් හේතුවෙන් කිසියම් ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශකිරීමට නොහැකි වෙතැයි කිසියම් ඡන්ද දායකයකුට සාධාරණ බියක් ඇත්නම්, ඔහුට ඒ සඳහා වෙනත් මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බව මැතිවරණ කොමිසම කියයි. 20 September 2019
පූජිත් - හේමසිරි ඇප දුන් තීන්දුව ප්රතිශෝධන කරන්නැයි ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනීමැරීම සම්බන්ධයෙන් ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දුන් නීතීවිරෝධී, අයුක්ති සහගත නියෝගය ප්‍රතිශෝධනය කරවා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සො 20 September 2019
ජනපතිවරණය අවසන්වන තෙක් රාජ්‍ය දේපළ භාවිතය තහනම් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 20 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026