අධික වැස්සෙන් 45,000 ක් පීඩාවට දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි සමග දකුණු හා බස්නාහිර පළාත්වල ඇතිවූ ගං වතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පවුල් 11,387කට අයත් 45,031 දෙනෙක් පීඩාවට පත්ව සිටින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 September 2019
ගුරුකන්ද සිද්ධිය ගැන විමර්ශනයක් ඉල්ලයි අපවත් වී වදාළ ගුරුකන්දේ විහාරාධිපති හිමියන්ගේ ශ්‍රී දේහය මිහිදන් කරන්නට යාමේ දී එයට තහනම් නියෝග ගැනීමේ ක්රි්රයාමාර්ගය සම්බන්ධව අනිවාර්යෙන්ම විමර්ශනයක් අවශ්‍ය බව නැගෙහිර පළාත් උප ප්‍රධාන සංඝ නායක මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමියෝ අද (24) පැවසූහ. 24 September 2019
ලක්ෂ 49ක දුම්වැටි සමග 4ක් අත්අඩංගුවට කුවේට් සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අද(24) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 24 September 2019
හදිසි ආපදා තත්ව දැනුම්දීමට දුරකතන අංක 2ක් හදිසි ආපදා අවස්ථාවකදී ඒ බව දැනුම්දීම සඳහා විශේෂ දුරකතන ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. 24 September 2019
මැතිවරණ නීති උල්ලංඝණය වීමක් ගැන මාතලෙන් පැමිණිල්ලක් මාතලේ ගොංගාවල බස් නැවතුම්පොළ සංවර්ධනය කර ලබන 26 වැනිදා දේශපාලනඥයකුගේ ප්‍රදානත්වයෙන් විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබීම මැතිවරණ නීතී උල්ලංඝණය වීමක් යැයි පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි මාතලේ මහ දිසාපති, මැතිවරණ තේරීම් බාර නිලධාරී, කරුණාසිරි පෙරේරා මහතා පැවසීය. 24 September 2019
මිය ගිය - විදෙස්ගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස්කෙරේ මිය ගිය සහ විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. 24 September 2019
ගෝඨාට නඩු දාන්න කී ඇමැතිවරු හෙළි කරන්නැයි මහින්ද දිල්රුක්ෂිට කියයි සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ සමයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පවරන ලෙස බලපෑම් කළ ඇමැතිවරුන් කවුදැයි වහාම රටට හෙළි කළ යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (24) පැවසීය. 24 September 2019
යාපනය අධිකරණයට එන්න’යි ගෝඨාට නිකුත් කළ සිතාසිය අත්හිටුවයි මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කූගන් අතුරුදන් වීමට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන සිකුරාදා (27) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් නිකුත් කළ සිතාසිය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (24) අතුරු නියෝගයක් නිකුත් කළේය. 24 September 2019
වැස්සෙන් අවතැන් වූවනට සහන දෙන්න ජනපතිගෙන් උපදෙස් අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ. 24 September 2019
දකුණේ ආපදාවට ලක්වූ පෙදෙස්වලට ලක්ෂ 10 බැගින් වන්දි පවතින කාලගුණික තත්වය හේතුවෙන් දකුණු පළාතේ ආපදාවට ලක්ව ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට කටයුතු කරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දී ඇත. 24 September 2019
පස් කන්දක් කඩා වැටී කාමරයක සිරවූ දැරියක් බේරා ගැනේ අඟුළුගහ, දඬුවන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තුවාල ලැබූ අට හැවිරිදි කුඩා දැරියක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 24 September 2019
ගුරුවරු-විදුහල්පතිවරු 26-27 ලෙඩ වෙති රජයේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු බ්‍රහස්පතින්දා(26) සහ සිකුරාදා(27) ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති. 24 September 2019
නිල්වලා ගඟේ ජලය ගංවතුර මට්ටම දක්වා ඉහළට දින කිහිපයක සිට පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම අද (24) වන විට ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 24 September 2019
වැසි සහිත කාලගුණ හෙට රාත්‍රිය දක්වා දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (25) රාත්‍රී කාලය දක්වා තවදුරත් පවතිනු ඇතැයි කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 24 September 2019
ඇල්පිටිය පෙත්සමේ කරුණු තහවුරු කිරීම හෙටට කල්යයි ඔක්තෝබර් 11 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශිත ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්ද දායකයින් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම හෙට (25) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය. 24 September 2019
සාමනේර හිමිවරුන්ට පහරදුන් සිද්ධියේ සැකකරුට අත්හිටවූ සිර දඬුවම් හොරෙව්පොතාන ශ්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙනෙහි සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් ගත කර සිටි සැකකරුට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු, මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සිර දඬුවම වසර 5කට අත්හිටුවීමටද නියෝග කළේය. 24 September 2019
ගාල්ලේ ගම් දෙකක වැසියෝ නිවසටම කොටුවෙති මහ වැසි හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ හපුගල පොල්දූව වත්තේ පවුල් 76ක් සහ පින්නකොල දූව වත්තේ පවුල් 28ක් කොටුවී සිටිතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 September 2019
‘ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි’ එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. 24 September 2019
ගාල්ලේ ප්‍රා. ලේකම් කොට්ඨාස 10ක නායයාමේ අවදානම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් නායයාමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පැවසීය. 24 September 2019
ගංවතුරෙන් මාතර පවුල් 800 ක් අවතැන් මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 800 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා සම්බන්ධීකරණ නිලධාරී අනුජන්ත විදානගේ මහතා පැවසීය. 24 September 2019
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට ‘අංගොඩ ලොක්කා’ නැමැති පාතාල සාමාජියයාගේ ගෝලයෙක් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායමක් මගින් අද (24) මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 24 September 2019
කිරිඇල්ල ජනපති කොමිසමට එයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(24) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කොමිසමට පැමිණියේය. 24 September 2019
ගලක් පෙරැළී පස්සර-නමුණුකුල මාර්ගය අවහිර වෙයි පස්සර , නමුණුකුල හරහා බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කොටුගහතැන්න දහතුණේ කණුව ප්‍රදේශයට අද (24) ගලක් පෙරළීමෙන් පස්සර නමුණුකුල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී ඇතයි පස්සර පොලීසිය කියයි. 24 September 2019
උ.පෙළ ප්‍රායෝගික පරීක්ෂණයට එන්න බැරි වුණොත් වෙනත් දිනයක් පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්, මෙවර අධ්‍යයනය පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නොහැකි සිසුන් සඳහා වෙනත් දිනයක් ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 24 September 2019
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි උතුරේ නීතිඥවරු වැඩ වරති මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට එරෙහිව අධිකරණ නියෝග කඩකිරීමට අනුබල දුන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට 24 September 2019
අධිවේගයේ ගමන්ගන්නා රථවලට ඉදිරිපස බල්බ දැල්වීමට උපදෙස් අධික වර්ෂා තත්වය යටතේ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී රථවල ඉදිරිපස ප්‍රධාන බල්බ දල්වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට උපදෙස් දී තිබේ. 24 September 2019
ඌවේ බුර්කා තහනම දිගටම බුර්කාව පැළදීමේ තහනම හදිසි නීතිය යටතේ ඉවත්ව ගියද ඌව පළාත තුළ එම තහනම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පොලිසියට උපදෙස් දී තිබෙන බව ඌව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. 24 September 2019
‘දක්ෂිණ’ අද සිට ගමන් අරඹයි මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ‘දක්ෂිණ’ නමින් නව නගරාන්තර සුඛෝපභෝගී දුම්රියක් අද (24) සිට ධාවනය කෙරේ. 24 September 2019
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්:30-31 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 24 September 2019
වැලිපැන්න-කොක්මාදූව පිවිසුම් ජලයෙන් යටවෙයි මහ වැස්සෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදුව පිවිසුම් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි. 24 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026